කොළඹ – නුවර පාර අද සිට සම්පූර්ණයෙන් විවෘතයි

කොළඹ – නුවර මාර්ගයේ ගනේතැන්න සහ කඩුගන්නාව අතර කොටස අද (08) සිට සම්පූර්ණයෙන් විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි සඳහන් කළේ, අද (08) උදෑසන 7.00 ට එම මාර්ග කොටස සම්පූර්ණයෙන් විවෘත කළ බවයි.

ආපදා හේතුවෙන් හානිවූ ප්‍රධාන මාර්ග 256 න් 219 ක් මේ වන විට රථ වාහන ධාවනය සඳහා විවෘත කර ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවා.