ඉන්දියාව, නැගෙනහිර ආසියාවේ රටවල් ඇතුළුව රටවල් අටක් සමඟ UPI ගෙවීම් පිළිගත හැකි කිරීම සඳහා සාකච්ඡා කරමින් සිටින බව මූල්‍ය සේවා ලේකම් එම්. නාගරාජු පවසනවා.
ඒකාබද්ධ ගෙවීම් අතුරුමුහුණත (UPI) දැනට භූතානය, සිංගප්පූරුව, කටාර්, මොරිෂස්, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ශ්‍රී ලංකාව සහ ප්‍රංශය යන රටවල් අටක පිළිගනු ලබනවා.
විදේශයන්හි ඉන්දියාවේ ඩිජිටල් ගෙවීම් ජාලය පිළිගැනීම නිසා ඉන්දියානු සංචාරකයින්ට විදේශයන්හි ගනුදෙනු සඳහා UPI ගෙවීම් කිරීමට හැකි වනවා.
රටවල් සමඟ වෙළඳ සාකච්ඡා කිහිපයකදී ඉන්දියාව UPI පිළිබඳ ඇතුළත් කරන බව මූල්‍ය සේවා ලේකම්වරයා ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ සාකච්ඡාවකදී පැවසුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1
1















