ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේදී සාමාන්‍ය රාජ්‍ය යාන්ත්‍රණය ඉක්මවා යන මෙහෙයුම් යාන්ත්‍රණයක් අවශ්‍යයි – ජනපති

ආපදාවෙන් පසු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේදී සාමාන්‍ය රාජ්‍ය යාන්ත්‍රණය ඉක්මවා යන සියලුදෙනා ඒකාබද්ධ කරගත් මෙහෙයුම් යාන්ත්‍රණක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (06) පෙරවරුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින්.

දිස්ත්‍රික්කයේ මහා මාර්ග, විදුලිය, ජලය සහ ඉන්ධන සැපයුම වාරිමාර්ග සහ සන්නිවේදන පද්ධතිය යථාවත් කිරීම ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කඩිනම් වැඩසටහන්වල ප්‍රගතිය සහ අවසන් කෙරෙන කාලය පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා වෙන් වෙන්ව විමසා බැලුවා.

ස්ථීර ලෙස මාර්ග පද්ධතිය ඉදිකරන තුරු ඉදිරි දින 25 සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන උපයෝගී කර ගනිමින් මාර්ග පිළිසකර කිරීම් කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දුන්නා.

දිස්ත්‍රික්කයේ ජල සැපයුම් දින 03ක් තුළ සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට ද උපදෙස් දුන් ජනාධිපතිවරයා එතෙක් බවුසර් මගින් ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලීමටත්, එම කටයුතුවලදී සාමාන්‍ය ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් හදිසි අවශ්‍යතාවක් සේ සලකා ප්‍රසම්පදාන කටයුතු සිදුකිරීමටත් ත්‍රිවිධ හමුදාවේ තාක්ෂණික සහාය ලබා ගැනීමටත් උපදෙස් දෙනු ලැබුවා.

එමෙන්ම නිවාසවල ළිං සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු ප්‍රදේශීය ලේකම් කාර්යාලවල මැදිහත්වීමෙන් සිදුකිරීමට ද උපදෙස් දුන් අතර විශාල ප්‍රතිසංස්කරණ කටයුතු දෙවන අදියරට තබා ගනිමින් තාවකාලික පිළිසකර කිරීම් තුළින් මෙම දෙසැම්බර් 31 වනදා වන විට දිස්ත්‍රික්කයේ විදුලි සැපයුම යථාවත් කිරීමට ද උපදෙස් දුන්නා.

එමෙන්ම වගා කළ හැකි බිම් හදුනාගෙන ඒවා වගා කිරීමට ප්‍රමඛතාව ලබාදීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉක්මණින් වගා කළ හැකි කුඹුරු හඳුනාගෙන ඒවාට අවශ්‍ය වාරි ජලය සැපයීමටත්, එහිදී මහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කමත් අවධාරණය කළා.

එමෙන්ම ඉක්මණින් වගාකළ හැකි ගොවීන් ප්‍රමාණය සහ ගොවි බිම් ප්‍රමාණය හඳුනාගෙන ඔවුන්ට ලබාදීමට තීරණය කර ඇති රුපියල් ලක්ෂ 02ක වන්දි මුදල කඩිනමින් ලබා දීමටද උපදෙස් දුන් ජනාධිපතිවරයා ආපදාවෙන් හානියට පත් දිස්ත්‍රික්කයේ එළවළු වගාව පිළිබඳවද සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා ගනිමින් ඔවුන් වෙනුවෙන් ලබා දෙන හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ එක හමාරක් වූ වන්දි මුදල් ලබා දීමටත්, කෙසෙල් වගාවට සිදු වූ හානි සඳහා එළවළු වගාවට ලබාදෙන වන්දි මුදලම ලබාදීමට හැකි වන පරිදි අවශ්‍ය සංශෝධන සිදු කිරීමත් උපදෙස් දුන්නා.

ආපදාව හමුවේ පශු සම්පත් ක්ෂේත්‍රයට සිදු වූ බලපැම පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර ගොවිපොළ ප්‍රමාණය මෙන්ම සතුන් ප්‍රමාණය පිළිබඳ යාවත්කාලීන දත්ත පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට පෙන්වා දුන්නා.

විනාශ වී ගිය සත්ත්ව ගොවිපොළ නැවත කඩිනමින් ආරම්භ කරමින් එම ගොවීන්ගේ ආදායම් මාර්ග යථා තත්ත්වයට පත් කිරීම සහ කිරි, කුකුළු මස්, බිත්තර ඇතුළු රටේ ආහාර අවශ්‍යතාව සපුරා ගැනීම වෙනුවෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා පැහැදිලි කළා.

එමෙන්ම දිස්ත්‍රික්කයේ ඉන්ධන සැපයුම යථාවත් කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර මාර්ග අවහිර වීම හේතුවෙන් ඉන්ධන සැපයුම අඩාල වී ඇති පුස්සැල්ල සහ මීතලාව යන ප්‍රදේශවලට මාර්ග සංවර්ධන අධිකාරිය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසියේ සම්බන්ධීකරණයෙන් අද සවස් වන විට ඉන්ධන සැපයීමටද උපදෙස් දුන්නා.

එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් යළි ආරම්භ කිරීම පිළිබදවද සාකච්ඡා කෙරුණු අතර, නියමිත පරිදි විභාග පැවැත්වීම වෙනුවෙන් පාසල් ආරම්භ කිරීමේදී කාල පරතරය අවම කර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා නිලධාරීන්ට පෙන්වා දුන්නා.

දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය, දුම්රිය මාර්ග, සහ සන්නිවේදන පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති පියවර ද මෙහිදී දීර්ඝ ලෙස විමසා බැලුණා.

නිවාස හානි සහ එම ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු පිළිබඳව ද සාකච්ඡා වූ අතර, එම කටයුතුවලදී භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ කාර්යභාරය සහ කාර්ය මණ්ඩල අවශ්‍යතා සපුරා ගැනීම පිළිබඳ සාකච්ඡා වුණා.

එමෙන්ම ජනතාව යළි පදිංචි කිරීම වෙනුවෙන් ඒ ආසන්න ප්‍රදේශවල ඇති රජයේ ඉඩම් හඳුනාගෙන ඉදිරිපත් කරන ලෙසත් අදාළ ආයතන සමග සාකච්ඡා කරමින් එම ඉඩම් නිදහස් කර ගැනීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ජනතාව වඩා සුරක්ෂිතව යළි පදිංචි කිරීම රජයේ අරමුණ බවත්, විනාශ වූ සහ අර්ධ හානි සිදු වූ නිවාස වෙනුවෙන් ලබාදෙන වන්දි නිසි අයුරින්ම එම කටයුතු සඳහා යොදවන්නේ ද යන්න පිළිබඳ නිරන්තර පසු විපරමක් සිදුකිරීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

මෙම සියලු වන්දි මුදල් 2025 අයවැය යටතේ ලබාදීම සිදුවන බැවින් 2026 අයවැය බරක් නොවීමට නම් දෙසැම්බර් 31 වනදාට පෙර මෙම සියලු වන්දි ලබාදීම් අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ජනතාවගේ ජන ජීවිතය යථාවත් කිරීම වෙනුවෙන් ආරම්භ කර ඇති මෙම වැඩසටහන් සාර්ථක කර ගැනීමට සියලු රාජ්‍ය නිලධාරීන්ගේ කැපවීම අත්‍යවශ්‍ය බවද සඳහන් කළා.

ගම්පොළ ප්‍රදේශයේ කුණු බැහැර කිරීමේ ගැටලුව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර, ඊට දීර්ඝකාලීන විසදුමක් ලෙස මහවැලියට අයත් ඉඩම නිදහස් කරන තුරු විදුලිබල මණ්ඩලයට අයත් ඉඩම තාවකාලිකව ලබා දීමටද ජනාධිපතිවරයා උපදෙස් දුන්නා.

එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් රාජ්‍ය ආයතනවල සිදුව ඇති හානිය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණා.

ගංවතුර, සුළි කුණාටු සහ නාය යාම් වැනි ස්වභාවික ආපදාවන් වැළැක්විය නොහැකි නමුත්, එමගින් ජීවිත සහ දේපළවලට සිදුවන හානි වළක්වා ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මධ්‍ය කඳුකරය පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදු කර දිරාපත් වෙමින් පවතින මධ්‍ය කඳුකරය යළි සුවපත් කිරීම සඳහා දීර්ඝකාලීන වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද පෙන්වා දුන්නා.

නැවත මෙවන් ව්‍යසනයන් ඇති වීම වළක්වා ගැනීම සඳහා ප්‍රාදේශීය සභාවල බලතල ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක අනවසර ඉදිකිරීම් සඳහා මින් ඉදිරියට ඉඩ නොදිය යුතු බවත්, එම ස්ථානවලට විදුලි සැපයුම ලබානොදීමට විදුලිබල මණ්ඩලයට ද වගබලා ගත යුතු බවත් පෙන්වා දුන්නා.

ව්‍යසනයෙන් පසු රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට දීර්ඝ කාලයක් ගතවනු ඇතැයි ඇතැමුන් අපේක්ෂා කළ ද ඉතා කෙටි කාලයක් තුළ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට රජයට හැකියාව ලැබී තිබෙන බවත්, තවත් කෙටි කාලයක් සියලුදෙනා එකට වැඩ කිරීමෙන් අපේක්ෂිත ඉලක්ක සපුරාගත හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

මෙම කටයුතුවලදී රාජ්‍ය නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාව සිදු කරන කැපවීම මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ ඇගයීමට ලක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?