ජලාශ 71ක් තවදුරටත් වාන් දමයි – ප්‍රධාන ජලාශ 36ක් ඒ අතර

ජලාශ 71ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අතර ප්‍රධාන ජලාශ 36ක් ද පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු ජලාශවල සමස්ත ජල ධාරිතාවයෙන් 80%ක් පමණ මේ වන විට ගබඩා කර ඇති බව එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ එච්.පී.එස්.ඩී. හේරත් පවසනවා.

මේ අතර පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන බදුල්ල, කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, කුරුණෑගල, කෑගල්ල, මොණරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (06) පස්වරු 4.00 දක්වා තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?