පළමු FIFA සාම ත්‍යාගයෙන් ජනපති ට්‍රම්ප් පිදුම් ලබයි

ජාත්‍යන්තර පාපපන්දු සම්මේලනය FIFA විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප්ට ‘FIFA සාම ත්‍යාගය’ ප්‍රධානය කර තිබෙනවා.

2026 FIFA ලෝක කුසලානය සඳහා වූ තරග සැලැස්ම වොෂින්ටන්හිදී එළිදැක් වූ අවස්ථාවේදී මෙම ත්‍යාගයෙන් ඩොනල්ට් ට්‍රම්ප් ජනාධිපතිවරයා පිදුම් ලැබුවා.

FIFA සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ විසින් ‘FIFA සාම ත්‍යාගය’ ට්‍රම්ප් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම සිදු කළා.

මෙම වසරේ දී පළමුවරට ‘FIFA සාම ත්‍යාගය’ හඳුන්වා දෙනු ලැබූ අතර, ඒ අනුව එම ත්‍යාගයෙන් පිදුම් ලැබූ ලොව පළමු පුද්ගලයා බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් ඉතිහාස ගත වුණා.

සාමය සඳහා සුවිශේෂී හා අසාමාන්‍ය ක්‍රියාමාර්ග ගැනීම සහ ලොව පුරා ජනතාව එක්සත් කළ පුද්ගලයෙකු උදෙසා මෙම සම්මානය ප්‍රධානය කෙරෙනවා.

ලොව පුරා බිලියන 05 කට අධික පාපන්දු ලෝලීන් වෙනුවෙන් සම්මානය පිරිනමන ලද බව FIFA පවසන නමුත්, පළමු ජයග්‍රාහකයා තෝරා ගත් ආකාරය නිශ්චිතවම පැහැදිලි නැහැ.

‘



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46