2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන අද (05) දිනයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට පැමිණියා.
එහිදී පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ආපදා තත්වය මත හානි වූ නිවාස පිරිසිදු කරගැනීමට ලබා දෙන 25,000ට අමතරව නිවාසවල නැවත පදිංචියට යාමේ දී අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ද නිවාසවල අයිතිය නොසලකා රුපියල් 50,000ක දීමනාවක් ලබා දීමට තීරණය කළ බවයි.
එමෙන්ම නිවාස අහිමි වූවන් සඳහා, අවතැන් කඳවුරුවල සිටීමට නොහැකි නම් කුලී නිවසකට යාමට මාසිකව රුපියල් 25,000ක් බැගින් මාස තුනක් ගෙවීමට ද තීරණය කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළා..
”පසුගිය දවස්වල අපේ රටේ trend එකක් ආවා,කන්දක් මුදනේ ගෙවල් හදා ගන්න එක, වැවක් අසබඩ නිවසක් හදා ගන්න එක, ගඟක් අසබඩ නිවසක් හදා ගන්න එක,ඒක නිකන් ධනවත්භාවයේ ලක්ෂනයක් වගේ එකක් ආවා, මෙහෙම trend එකක් ආවා. ඇවිල්ලා ගං ඉවුරු යට වෙලා තියෙනවා.කඳු බර වෙලා තියෙනවා. යළි කිසිඳු අනවසර තැනක නිවසක් ඉදි කරගන්න දෙන්නේ නැහැ. ”යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.















