යළි කිසිඳු අනවසර තැනක නිවසක් ඉදි කරගන්න දෙන්නේ නැහැ – ජනපති

2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන අද (05) දිනයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට පැමිණියා.

එහිදී පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ආපදා තත්වය මත හානි වූ නිවාස පිරිසිදු කරගැනීමට ලබා දෙන 25,000ට අමතරව නිවාසවල නැවත පදිංචියට යාමේ දී අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ද නිවාසවල අයිතිය නොසලකා රුපියල් 50,000ක දීමනාවක් ලබා දීමට තීරණය කළ බවයි.

එමෙන්ම නිවාස අහිමි වූවන් සඳහා, අවතැන් කඳවුරුවල සිටීමට නොහැකි නම් කුලී නිවසකට යාමට මාසිකව රුපියල් 25,000ක් බැගින් මාස තුනක් ගෙවීමට ද තීරණය කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළා..

”පසුගිය දවස්වල අපේ රටේ trend එකක් ආවා,කන්දක් මුදනේ ගෙවල් හදා ගන්න එක, වැවක් අසබඩ නිවසක් හදා ගන්න එක, ගඟක් අසබඩ නිවසක් හදා ගන්න එක,ඒක නිකන් ධනවත්භාවයේ ලක්ෂනයක් වගේ එකක් ආවා, මෙහෙම trend එකක් ආවා. ඇවිල්ලා ගං ඉවුරු යට වෙලා තියෙනවා.කඳු බර වෙලා තියෙනවා. යළි කිසිඳු අනවසර තැනක නිවසක් ඉදි කරගන්න දෙන්නේ නැහැ. ”යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03