ආපදාවෙන් පූර්ණ ලෙස සහ අර්ධ ලෙස හානියට පත් වූ නිවාස සඳහා ඇස්තමේන්තු ගත කිරීමෙන් අනතුරුව ලක්ෂ 25ක් දක්වා උපරිමයකට යටත්ව වන්දි ගෙවීමට කටයුතු කරන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසනවා.
අද (05) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
එමෙන්ම හානියට පත් වූ නිවාස සුද්ද පවිත්‍ර කර ගැනීමට රුපියල් 25,000ක අත්තිකාරම් මුදලක් ද ලබාදෙන බව අමාත්‍යවරයා මෙහිදී යළි සිහිපත් කළා.
මේ අතර ආපදාවෙන් විනාශයට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා රුපියල් බිලියන 72.5ක පරිපූරක ඇස්තමේන්තුවක් අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඒ, සඳහා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව විසින් අනුමැතිය ලබාදුන් බවයි එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ.















