ශ්‍රී ලංකා යොවුන් පිතිකරු කමිල් මිෂාර විසින් ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම විස්ස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගෙන තිබෙනවා.
මීට පෙර එම ශ්‍රේණිගත කිරීම්වල 109වන ස්ථානයේ රැඳී සිටි කමිල් මිශාර ඊයේ (02) දිනයේ නිකුත් වූ ශ්‍රේණිගත කිරීම් අනුව 18 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබුණා.
ඒ ස්ථාන 91 ඉදිරියට පැමිණෙමින්.
2022 වර්ෂයේදී කමිල්ට ජ්‍යාත්‍යන්තර වරම් හිමිවුවද ඔහුට එම වසරේදී ක්‍රීඩාකළ හැකි වූයේ තරග තුනක් පමණයි.
පසුව වසර තුනකින් පමණ නැවතත් ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වූ කමිල්, පසුගිය සැප්තැම්බර් මස 06 වැනිදා සිට මේ දක්වා තරග 10ක් පමණක් ක්‍රීඩාකරමින් දැක වූ දක්ෂතා මත පදනම්ව මෙලෙස ශ්‍රේණිගත කිරිමව 18වන ස්ථානය දක්වා පැමිණ තිබෙනවා.





