සහන කණ්ඩායම් සඳහා පොලිසියෙන් විශේෂ නිවේදනයක්

ආපදාවට පත් වූවන්ට සහන සැලසීම සඳහා දායකත්වය ලබාගෙන සහය කණ්ඩායම් සඳහා ආපදාවට පත් වූ ප්‍රදේශවලට ප්‍රවේශවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර තිබෙන විශේෂ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාෂකවරයා සහාය කණ්ඩායම්වලින් ඉල්ලා සිටිනවා.

ඇතැම් සහය කණ්ඩායම් විසින් ආපදාවට පත්වූවන් සඳහා ලබාදෙන වියලි ආහාර, පිසූ ආහාර ඇතුළු සහනාධාර ද්‍රව්‍ය විපතත් පත් වූවන්ට ලබා දීමේදී යම් යම් බාධාවක් සහ ප්‍රමාදයන් නිරීක්ෂණය වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එමෙන්ම ආපදාවට ලක්වූ ප්‍රදේශවල මාර්ග පිළිසකර කරමින් තිබිය දී විශාල වශයෙන් සහන කණ්ඩායම් පැමිණීමද එම කාර්යයට බාධාවක් වී ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව එම තත්ත්වයන් කළමනාකරණය සඳහා පොලිසිය විසින් පිහිටුවා ඇති විශේෂිත මෙහෙයුම් මැදිරිය සමඟ සම්බන්ධ වීමට විශේෂිත දුරකථන අංක 04ක් පොලිසිය විසින් හඳුන්වා දී තිබෙනවා.

071 859 58 84, 071 859 58 83, 071 859 58 82, 071 859 58 81, 071 859 58 80 යන දුරකථන අංක ඔස්සේ විශේෂ මෙහෙයුම් මැදිරිය සමඟ සම්බන්ධ වීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම ආපදා සහන කණ්ඩායම් ආපදාවට ලක් වූ ප්‍රදේශවලට ළඟා වීමේදී ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම් සඳහා ද පොලිසිය බැඳී සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
මම පාවා දෙන්න පට්ට චරිතයක්..කපටිකම උපරිමයි..අතීතයේ ඩඩ්ලි කරපු වැඩ හිනාවෙවී කිව්ව හැටි
07:15
Video thumbnail
ඉරාන් ක්‍රිකට් බෝඩ් එක භාරගන්නවද ? "භාරදෙන්න එපැයි භාරගන්නවද නැද්ද කියන්න"
02:13
Video thumbnail
සමහරු දැන් මගෙන් ඉගෙන ගන්න එනවා..ලාල්කාන්ත හැමෝගෙම ඉස්සරහා කිව්ව කතාව
03:38
Video thumbnail
ඉල්ලා අස්වුණු ශම්මි සිල්වා පිටව ගිය හැටි
00:21
Video thumbnail
විශ්ව විද්‍යාල ශිෂ්‍යයයින් අධ්‍යාපන අමාත්‍යංශය වට කරයි..අපේ සටන පුළුවන්නම් නවත්තපන්
02:44
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
02:00:56
Video thumbnail
ශම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වෙයි
01:14
Video thumbnail
සුගීෂ්වර ඇතුළු සෙට් එකව ගමේ මිනිස්සු හූ කියලා එලවයි
01:13
Video thumbnail
පාතාලය මර්දනය කරන්න්න තුවක්කුවෙන් විතරක් බෑ..පුංචි දේකින් අපේ කඳුළු වට්ටන්න පුලුවන්
09:50