ආපදාවට පත් ජනතාවට වියළි ආහාර සඳහා ගෙවන මුදල ඉහළ දැමීමට අනුමැතිය

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පැන නැඟී ඇති හදිසි ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන, 2025-11-21 දින සිට නැවත දැනුම් දෙන තුරු විස්තීරණ ආපදා තත්ත්වයක් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කඩිනම් සහන සහ පහසුකම් සැපයීමේදී අනුගමනය කළ යුතු ක්‍රම වේදය පිළිබඳව ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ එකඟතාව ද සහිතව දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට අවශ්‍ය උපදෙස් නිකුත් කරමින් අයවැය චක්‍රලේඛ 05/2025 සහ අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු බාධාවකින් තොරව සිදු කිරීම සඳහා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් හා පළාත් ප්‍රධාන ලේකම්වරුන් වෙත බලය පවරමින් අයවැය චක්‍රලේඛ 06/2025 භාණ්ඩාගාරයේ ලේකම් විසින් නිකුත් කරනු ලැබ ඇත.

ආපදා සහන සේවා සහ හදිසි ප්‍රතිචාර වෙනුවෙන් 2025 අනුමත අයවැය ඇස්තමේන්තු මඟින් වෙන් කර ඇති ප්‍රතිපාදන වලට අමතරව තවත් රුපියල් මිලියන 550ක අතිරේක ප්‍රතිපාදන දැනටමත් සලසා තිබෙනවා.

එමෙන්ම, ආපදාවට පත් ජනකාවට වියළි ආහාර සඳහා පවුලක සාමාජිකයින් ගණන මත පදනම්ව සතියකට මෙතෙක් ගෙවනු ලැබූ රුපියල් 1,800 සිට රුපියල් 3,600 දක්වා වූ මුදල, රුපියල් 2,100 සිට රුපියල් 10,500 දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

ඒ අනුව, අවශ්‍ය පියවර ගැනීම සඳහා සහ ආපදා තත්ත්වය හේතුවෙන් බිඳ වැටී ඇති ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් අවශ්‍ය වන අනුමැතීන්, මාර්ගෝපදේශ සහ අතිරේක ප්‍රතිපාදන සලසාදීම සඳහා භාණ්ඩාගාරයේ ලේකම් වෙත බලය පැවරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18