ආපදාවට පත් ජනතාවට වියළි ආහාර සඳහා ගෙවන මුදල ඉහළ දැමීමට අනුමැතිය

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පැන නැඟී ඇති හදිසි ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන, 2025-11-21 දින සිට නැවත දැනුම් දෙන තුරු විස්තීරණ ආපදා තත්ත්වයක් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කඩිනම් සහන සහ පහසුකම් සැපයීමේදී අනුගමනය කළ යුතු ක්‍රම වේදය පිළිබඳව ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ එකඟතාව ද සහිතව දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට අවශ්‍ය උපදෙස් නිකුත් කරමින් අයවැය චක්‍රලේඛ 05/2025 සහ අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු බාධාවකින් තොරව සිදු කිරීම සඳහා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් හා පළාත් ප්‍රධාන ලේකම්වරුන් වෙත බලය පවරමින් අයවැය චක්‍රලේඛ 06/2025 භාණ්ඩාගාරයේ ලේකම් විසින් නිකුත් කරනු ලැබ ඇත.

ආපදා සහන සේවා සහ හදිසි ප්‍රතිචාර වෙනුවෙන් 2025 අනුමත අයවැය ඇස්තමේන්තු මඟින් වෙන් කර ඇති ප්‍රතිපාදන වලට අමතරව තවත් රුපියල් මිලියන 550ක අතිරේක ප්‍රතිපාදන දැනටමත් සලසා තිබෙනවා.

එමෙන්ම, ආපදාවට පත් ජනකාවට වියළි ආහාර සඳහා පවුලක සාමාජිකයින් ගණන මත පදනම්ව සතියකට මෙතෙක් ගෙවනු ලැබූ රුපියල් 1,800 සිට රුපියල් 3,600 දක්වා වූ මුදල, රුපියල් 2,100 සිට රුපියල් 10,500 දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

ඒ අනුව, අවශ්‍ය පියවර ගැනීම සඳහා සහ ආපදා තත්ත්වය හේතුවෙන් බිඳ වැටී ඇති ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් අවශ්‍ය වන අනුමැතීන්, මාර්ගෝපදේශ සහ අතිරේක ප්‍රතිපාදන සලසාදීම සඳහා භාණ්ඩාගාරයේ ලේකම් වෙත බලය පැවරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?