ලුණුවිල හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් අධිකරණයෙක් නියෝග කිහිපයක්

අයහපත් කාලගුණයෙන් විපතට පත්වූවන්ට ගුවනින් සහන සලසමින් සිටි ශ්‍රි ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් වෙන්නප්පුව පොලිස් වසමට අයත් ගිං ඔයට කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාරවිල මහේස්ත්‍රාත් දිනිදු සමරසිංහ මහතා වෙන්නප්පුව මූලස්ථාන පොලිසියට නියෝග කළා.

මෙම ගුවන් අනතුරින් මිය ගිය ප්‍රධාන ගුවන් නියමු වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටියගේ මරණ පරික්ෂණයේ සාක්ෂි මේ මස 08 වන දින මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට අවැසි පියවර ගන්නා ලෙසට ද මහේස්ත්‍රාත්වරයා වෙන්නප්පුව මූලස්ථාන පොලිසියට නියෝග කළා.

මේ අතර මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් තවත් විමර්ශනයක් සිදුකරන ලෙසට ගුවන් හමුදාපතිවරයාට ද නියෝග කෙරුණා.

ශ්‍රි ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් ලුණුවිල ගිං ඔයට කඩා වැටීමෙන් එම යානයේ ප්‍රධාන ගුවන් නියමුවා මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
25
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !