විපතට පත් ජනතාව වෙනුවෙන් බෝරා ප්‍රජාවෙන් රුපියල් ලක්ෂ 100ක පරිත්‍යාගයක්

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාව විසින් රුපියල් ලක්ෂ 100ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබුවා.

ගෝලීය බෝරා ප්‍රජාවේ නායක ශුද්ධෝත්තම සෙයිද්නා මුෆද්දල් සයිෆුඩීන් පියතුමා වෙනුවෙන් ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාවේ සභාපති ඊබ්‍රහිම් සයිනි විසින් ඊට අදාළ චෙක්පත අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත පිළිගැන්වූවා.

විපතට පත් ජනතාව මුදාගැනීම සහ සහන සැලසීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට ඉදිරියේදී තවදුරටත් සහාය ලබාදෙන බව මෙහිදී පැවසූ බෝරා ප්‍රජාවේ නියෝජිතයෝ, විපතට පත්වූවන් බේරාගැනීමට සහ සහන සැලසීමට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ අගය කරමින් ඒ වෙනුවෙන් කෘතඥතාවද පළ කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්