ලොව විශාලතම කාගෝ ගුවන් යානයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකාවට ආධාර එවයි (ඡායාරූප)

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආපදා තත්වයෙන් පීඩාවට පත් වී සිටින ජනතාව වෙත ලබාදීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර රැගත් පළමු ගුවන් යානය ඊයේ මධ්‍යම රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම ගුවන් යානය තුළ විපතට පත් වී සිටින ජනතාව සදහා තාවකාලික නිවාස 48ක්, දින 14 කට එක් පවුලක් සදහා අවශ්‍ය ආහාර ඇසුරුම් 2,592ක්, කූඩාරම්, ගලවා ගැනීමේ භට කණ්ඩායම් සදහා යොදා ගන්නා වාහන, දුෂ්කර මාර්ගවල ධාවනය කළ හැකි යතුරුපැදි  ආදී භාණ්ඩ විශාල තොගයක් පවතිනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාවට අයත් ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන සී.-17 වර්ගයේ ගුවන් යානයක් අබුඩාබි නුවර සිට මෙම භාණ්ඩ තොගය රැගෙන පැමිණ තිබුණා.

තවත් මෙවැනිම ගුවන් යානා 03ක් ඉදිරි දින කීපය තුළදී කටුනායක ගුවන් තොටුපොළ වෙත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණීමට නියමිත බවයි වාර්තා වුණේ.

මෙම ගුවන් යානය පැමිණි අවස්ථාවේ එය පිළිගැනීමට ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය තානාපති රෂීඩ් අල් මසුරෝහි, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම එහි ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමිත් රඹුක්වැල්ල, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
54
+1
1
+1
15
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එයා සාම දූතයනේ - විමල් වීරවංශගෙන් සැර හින්ට් එකක්
05:33
Video thumbnail
පෙර පාසල් ගුරුවරුන්ගේ ඩාන්ස් බලන්න ගිය කොට්ටහච්චි..අමුතු හිනාවකුත් දාලා අත්පුඩි ග#න හැටි
01:37
Video thumbnail
සලේ අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව මැදිහත් වුණේ නෑ
06:46
Video thumbnail
ලංකාව මැච් ෆික්සින් කරලා..? ආන්දෝලනාතමක් හෙළිදරව්වක්
10:01
Video thumbnail
විමල්ට නහුතෙටම තදවෙයි..ජනපති අනුර ජොගින් යන්නේ සලේ නිසා
08:26
Video thumbnail
ජයටම කරගෙන ගිය කසිප්පු ජාවාරම පොලිසියට කොටුවෙයි
01:13
Video thumbnail
සලේගේ සිද්ධිය ගැන රංජන් - ශානිගේ හඬ පටයක් ලීක් වෙයි..මේක ත්‍ර#තයින්ගේ හබ් එකක් වෙලා
20:51
Video thumbnail
මුජිබුර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම අමතයි
15:00
Video thumbnail
ලෝක කුසලානයෙන් එළියට ගිය වනිඳු තලවතුගොඩින් මතුවෙයි
03:31
Video thumbnail
බල ගල් අඟුරු කියන්නේ විපක්ෂය හදපු කතන්දරයක්
07:06


?