විදෙස් පරිත්‍යාගශීලීන් ලබාදෙන අත්‍යවශ්‍ය භාණ්ඩ තීරුබදු සහ ගාස්තුවලින් තොරව ගෙන්වීමට ක්‍රමවේදයක්

දැනට රටේ පවතින ව්‍යසන තත්ත්වයෙන් ආපදාවට පත් වූ ජනතාව වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීම සඳහා විදෙස් රටවල්, සංවිධාන, පුද්ගලයින් මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් විවිධ විමසීම් කර තිබෙනවා.

ඒ, අනුව ඔවුන් මෙරටට එවනු ලබන භාණ්ඩමය ආධාර සියලු තීරුබදු සහ ගාස්තුවලින් (Import Taxes and levies) තොරව කඩිනමින් නිශ්කාෂණය කර බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකා රජය වඩා පහසු ක්‍රමවේදයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පරිත්‍යාග පිළිබඳ මාර්ගෝපදේශ සඳහා www.customs.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන්ද, මෙසේ පරිත්‍යාග කළ හැකි අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ද්‍රව්‍ය වර්ග පිළිබඳ සවිස්තරාත්මක විස්තර www.donate.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි.

විදේශීය පරිත්‍යාගශීලීන්ට ඕනෑම ප්‍රවාහන ක්‍රමයක් අනුගමනය කරමින් ශ්‍රී ලංකාව වෙත මෙම ද්‍රව්‍යමය ආධාර එවීමට අවසර ඇති අතර, එම භාණ්ඩ සියලු තීරුබදු සහ අය කිරීම්වලින් තොරව නිශ්කාෂණය සඳහා පහසුකම් ලැබීමට නම් සියලුම භාණ්ඩ පහත ලිපිනය වෙත යොමු කළ යුතුයි.

ලේකම්,
ආරක්ෂක අමාත්‍යාංශය
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC),
විද්‍යා මාවත, කොළඹ 07

තවද මෙරට වෙනත් පුද්ගලයෙකු හෝ සංවිධානයක නමට මෙම ද්‍රව්‍යමය පරිත්‍යාග එවනු ලබන අවස්ථාවක බදු නිදහස් කර ගැනීමක් අවශ්‍ය නම්, එම පරිත්‍යාගය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත බාරදීමට අදාළ පාර්ශවය එකඟතාව පළ කළ යුතුයි.

එසේ නැතහොත්, සාමාන්‍ය නිශ්කාෂණ ක්‍රියාවලියට අනුගතව සිදු කළ යුතු වනවා.

www.customs.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ +94 70 475 2823 Hotline අංකය ඔස්සේ හෝ [email protected] ඊමේල් අංකය මගින් මේ පිළිබඳ වැඩි විස්තර ලබාගත හැකියි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය යටතේ නිශ්කාෂණය කෙරෙන සියලුම භාණ්ඩ රජය විසින් අනුමත කරන ලද මාර්ගෝපදේශවලට අනුකූලව, බලපෑමට ලක් වූ ප්‍රජාව වෙත නිසි පරිදි කඩිනමින් බෙදාහැරීම සිදුකිරීමත්, පරිත්‍යාග සඳහා පරිත්‍යාගශීලින් දිරි ගැන්වීමත් රජය මෙමගින් අපේක්ෂා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් වාළුකාරාම විහාරයට ගිහින් කළ කතාව - ඉතා අමාරු කාලයක තමයි අපි වැඩ කටයුතු කළේ
04:23
Video thumbnail
විභාග වංචාවන්ට සම්බන්ධ කටයුතු නම් කරන්න එපා ! - උසස් පෙළ විභාගය ගැන විශේෂ ප්‍රකාශයක්
22:22
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක් - කිසිදු දෙමාපියෙකුට මධ්‍යස්ථානයට එන්න බැහැ
06:20
Video thumbnail
සජිත්ගෙන් විශේෂ ප්‍රතිඥාවක් - අප පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය සුරක්ෂා කරනවා
03:36
Video thumbnail
එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් අපිට - පශු වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් තියෙනවා
08:49
Video thumbnail
පාස්කුවට සමාන කරලා දිට්වා ගැන හෙළිකරපු දේ - දැන් රාජ්‍ය නිලධාරින්ට ම#ණ දඬුවම් කන්න වෙලා
07:25
Video thumbnail
පවතින කාලගුණය නිසා ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට විශේෂ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරයි
05:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27