පැවති අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 309,607කට අයත් පුද්ගලයින් 1,118,929 දෙනෙක් ආපදාවට ලක්ව ඇති බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසනවා.
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ සඳහන් කළේ මේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ,මේ වනවිට නිල වසයෙන් වාර්තාවන මරණ සංඛ්‍යාව 334ක් බවයි.
ඊට අමතරව තවත් පුද්ගලයින් 370 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර ආපදාවන්ට ලක් වූ නිවෙස්වල මඩ, පස්, සුන්බුන් ඉවත්කර සුද්ද පවිත්‍රකර සනීපාරක්ෂක තත්ත්වයන් යථාවත් කර ගැනීම සඳහා රුපියල් දස දහසක අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
මෙම අත්තිකාරම් මුදල ලබාදීමේ දී නිවසේ අයිතිය නොසලකා හානියට ලක්වූ සියලු නිවෙස් වෙත එම මුදල ලබාදෙන බවයි සහකාර ලේකම්වරයා පැවසුවේ.















