අනාරක්ෂිතව පවතින ස්ථාන නැරඹීමට එන්න එපා – පොලිසියෙන් විශේෂ දැනුම්දීමක් (වීඩියෝ)

දිවයිනට බලපා තිබෙන හදිසි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විනාශ වූ සියලු මාර්ග සහ පාලම් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමේ සියලු කටයුතු මේ වන විට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර තිබෙනවා.

එලෙස විනාශ වූ ස්ථාන නැරඹීමට අවට මහජනතාව විශාල වශයෙන් පැමිණෙන බවට මේ වන විට නිරීක්ෂණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

එසේ පැමිණීම ඉතා අනාරක්ෂිත තත්ත්වයක් වන බැවින්, විනාශයට පත් පාලම්, මාර්ග ඇතුළු අනාරක්ෂිතව පවතින ස්ථාන නැරඹීමට නොපැමිණෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?