හෙට උදෑසන දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම්

හෙට උදෑසන දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම්

හෙට (29) උදෑසන දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ, අනුව ප්‍රධාන මාර්ගය, මුහුදුබඩ මාර්ගය, පුත්තලම මාර්ගය සහ කැලණි වැලි මාර්ගයේ මෙම දුම්රිය ධාවනය කරන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ, අනුව හෙට (29) උදෑසන දුම්රිය ධාවනය පහත පරිදි සිදු කිරීමට නියමිතයි.

ප්‍රධාන මාර්ගය
කොළඹ කොටුව – මිරිගම – පිටත්වීම පෙ.ව.06.00 (මන්දගාමී)
මීරිගම – කොළඹ කොටුව – පිටත්වීම පෙ.ව.06.30 (මන්දගාමී)
මීරිගම – කොළඹ කොටුව- පිටත්වීම පෙ.ව.07.30 (මන්දගාමී)

මුහුදුබඩ මාර්ගය
ගාල්ල – මරදාන පිටත්වීම පෙ.ව.06.00 (මන්දගාමී)
අලුත්ගම – මරදාන – පිටත්වීම පෙ.ව.05.30 (මන්දගාමී)
අලුත්ගම – මරදාන – පිටත්වීම පෙ.ව.06.00 (මන්දගාමී)
අලුත්ගම – මරදාන – පිටත්වීම පෙ.ව.06.30 (මන්දගාමී)

පුත්තලම මාර්ගය
හලාවත – කොළඹ කොටුව – පිටත්වීම පෙ.ව.06.00 (මීගමුව දක්වා මන්දගාමී)
මීගමුව – කොළඹ කොටුව – පිටත්වීම පෙ.ව.7.30 (මන්දගාමී)

කැලණි වැලි මාර්ගය
අවිස්සාවේල්ල – කොළඹ කොටුව – පිටත්වීම පෙ.ව.05.55 (මන්දගාමී)

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය මත ඉහත ධාවනයන් වෙනස්වීමට ඉඩ පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?