දිවයිනට බලපා ඇති පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අපදාවට ලක්ව සිටින ජනතාව වෙත සහන දීමට සක්‍රීයව සහයෝගය ලබාදීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ,පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම ආසන සංවිධායකවරුන්ගෙන් සහ ග්‍රාමීය නායකයිගෙන් ඉල්ලා සිටිනවා.
ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා පවතින චක්‍රලේඛනවලින් පරිබාහිරව හෝ කටයුතු කිරීමට රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය බලය ලබාදෙන ලෙසයි මන්ත්‍රීවරයා පවසන්නේ.
පවතින චක්‍රලේඛනවලට අනුව කටයුතු කිරීම තුළ කඩිනමින් සහන සැලසීමට සහ ජීවිත බේරාගැනීමට මැදිහත්වීමට රාජ්‍ය නිලධාරීන්ට යම් අපහසුතාවක් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
අද (28) පස්වරුවේ මාධ්‍ය වෙත දහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.





