එක් කෝටි හැත්තෑ අට ලක්ෂයක විදේශීය දුම්වැටි තොගයකට ලක්ෂ නමයක දඩ

රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් තිදෙනක් සමග ගුවන් තොටුපොළ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (25) දින අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් තිදෙනා අලුත්ගම, යටියන්තොට සහ මාවනැල්ල ප්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයන් තිදෙනෙක්.

ඔවුන් අද (25) දින අලුයම 01.00 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ ” ප්ලැටිනම්” වර්ගයේ දුම්වැටි 119,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 595 ක් සගවා ගෙන සිටියදී පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (25) දින මොවුන් තිදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර , එහිදී මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගය රාජසන්තක කර ඔවුන් තිදෙනාට රුපියල් ලක්ෂ 03 බැගින් රුපියල් ලක්ෂ 09 ක දඩ මුදලක් ද ගෙවීමට නියෝග කර තිබේ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබයේ පිරිසක් ගල් අඟුරු කොමිසමට එයි
02:12
Video thumbnail
නාමල්, ගොවීන්ට පොරොන්දුවක් දෙයි
04:25
Video thumbnail
අනතුරුවලට සෘජුවම බලපාන නඩුවලට ආයේ දඩ කොල නෑ - තුන්වරක් වැරදි වුණොත් රියදුරු බලපත්‍රය අවලංගුයි ?
06:48
Video thumbnail
කඩුවෙල නගරාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
02:38
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක් මහ පාරට කඩා වැටෙයි
02:13
Video thumbnail
ගොවියා රජා නෙමෙයි - ලාල් කාන්ත සැරටම කියයි
08:29
Video thumbnail
වාහන නවත්තලා දඩ කොළ දෙනවා වෙනුවට පොලිසියෙන් දුන්න සව් දන්සැල - විශාල පිරිසක් දන්සැල වෙත පැමිණෙයි
01:58
Video thumbnail
නැතිවුණු ඩොලර් මිලියන 2.5 නැවත ජනතාවගේ අය කරගන්නවා..?
10:34
Video thumbnail
Mr. කොත්තු හිමිකරු වෙනුවෙන් පෙරට ආ සේවකයෝ - "විරාජ් බොස් අත්අඩංගුවට ගත්තා කියන්නේ බොරු"
02:14
Video thumbnail
අසරණ වූ පවුලකට නිවසක් දීපු ව්‍යාපාරික මිතුරන්
03:09