අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනුණු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති මොහොමඩ් හිල්මි ලබන 09 වනදා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ, සැකකරු අද (25) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට පුහුණුවක් ලබාදීම සඳහා ආයතනයක් තෝරා ගැනීමට ලංසු කැඳවීමේදී ජේ.එස්.එෆ් හෝල්ඩින් නමැති ආයතනයක් තෝරා ගැනීම සඳහා වාසි වන ආකාරයට වාර්තාවක් සකස් කරන ලෙස එම කාර්යාංශයේ හිටපු පරිපාලන හා මානව සම්පත් නිලධාරීවරයාට බලපෑම් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
1
+1
1
+1
+1
+1















