වසරක මුල් මාස දහය තුළ ලබාගත් වැඩිම අපනයන ආදායම මේ වසරේ

2025 වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 14.4 ක් ඉක්මවා ගොස් ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.

ඒ අනුව මෙම වසරේ මුල් මාස දහය තුළ මෙරට අපනයනය 6.0%ක සැලකිය යුතු වර්ධනයක් සහ ස්ථාවර ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙනවා.

මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛන සමඟ ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත්කර ඇති දත්තවලට අනුව, මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 14,433.82 ක් වනවා.

වසරක මුල් මාස දහය තුළ අපනයන ආදායම ඩොලර් බිලියන දාහතර ඉක්මවා ගිය පළමු අවස්ථාව ද මෙය බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.

තවද මෙම කාලය තුළ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය ප්‍රථමවරට අමෙරිකානු ඩොලර් බිලියන 01 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?