බැංකු කාඩ් එකෙන් බස් ටිකට් එක මිල දී ගන්න හෙට සිට අවස්ථාව

බැංකු කාඩ්පතින් බස් රථයේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව හෙට (24) දිනයේ සිට මගීන්ට හිමිවෙනවා.

ඒ, අනුව මෙහි සමාරම්භක වැඩසටහන හෙට (24) පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී පැවැත්වෙනවා.

ඊට සමගාමීව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් බත්තරමුල්ලේදිත්, ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මොණරාගල සහ බදුල්ලේදීත් මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිතයි.

මෙම වැඩසටහන මෙහෙයවන්නේ ඩිජිටල් අමාත්‍යාංශ සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්වයි.

මෙම වැඩසටහන සමඟ රජයේ බැංකු දෙකක් සහ පුද්ගලික බැංකු පහක් එකතු වී ඇති බවයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක සඳහන් කළේ.

මේ අතර ඉතා කෙටි කාලයකින් ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල ද බැංකුකාඩ් පත් මගින් ගෙවීමේ ක්‍රමවේදයට සකස් කිරීමට කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.

“මේ ව්‍යාපෘතිය බස් රථ සියලුම බස් රථ හිමිකරුවන්ට විවෘත කරලා තියෙන්නේ, මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මේ වන විටත් දැනුවත් කරලා ඉවරයි. තමන් කැමති බැංකුවක් තෝරාගෙන මේ සඳහා එකතු වෙන්න පුළුවන්. මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මේ පිළිබඳ දැනුවත් කිරීම් කරනවා. මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය හෝ තමන්ගේ බැංකුව හරහා මේ දේ කරගන්න පුළුවන් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිවලටත් බැංකුවලින් දැනුවත් කිරීම් කරනවා. බැංකුවෙන් ගන්න සියයට එකක මුදල අඩු කරගන්න අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බස් රථ හිමියන් දැඩි උනන්දුවකින් මේ සඳහා කටයුතු කරනවා. අද වෙනකොට බැංකු හතක් මේ සඳහා සහභාගී වෙලා තියෙනවා. මේක පුද්ගලික බස් රථ හිමියන්ගෙන්ම නිතර නිතර ආපු ඉල්ලීමක්.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57