කොළඹ – නුවර පාර පහළ කඩුගන්නාවෙන් තව දුරටත් වැසේ – නායයාම සිදුවූ තැන ගල් ඉවත් කිරීමේ කටයුතු අද (වීඩියෝ)

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයාම සිදුවූ ස්ථානයේ ගල් ඉවත් කිරීමේ කටයුතු අද (23) දිනයේ සිදු කෙරෙනවා.

නායයාම සිදුවූ ස්ථානයේ ඉහළින් ඇති අවදානම් සහිත ගල් කුට්ටියක් ද ඉවත්කිරීමට කටයුතු කරන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පවතින අවදානම් තත්ත්වය සහ එම ගල් ඉවත්කිරීමේ කටයුතු හේතුවෙන් එම මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් තවදුරටත් වසා දමා තිබෙනවා.

මේ හේතුවෙන් කොළඹ – නුවර භාවිතකරන රියදුරන්ට විකල්ප මාර්ග කිහිපයක් හඳුන්වා දී ඇති බවයි පොලීසිය සදහන් කළේ.

ඒ, අනුව කොළඹ සිට පැමිණෙන වාහන, කුරුණෑගල හරහා මහනුවර දක්වාත්, කරඬුපන හරහා මහනුවර දක්වාත් ගමන් කිරීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම කොළඹ සිට පැමිණෙන වාහන මාවනැල්ල, හෙම්මාතගම, ගම්පොළ හරහා මහනුවර දක්වා ගමන් කළ හැකි අතර, කොළඹ සිට මාවනැල්ල ගනේතැන්න හන්දියෙන් කෝවිල් කන්ඳ හරහා පිළිමතලාව ඔස්සේ මහනුවරට ගමන් කළ හැකියි.

මහනුවර සිට කොළඹ දක්වා ගමන් ගන්නා රථවාහන ද එම මාර්ගයන් ඔස්සේ ගමන් කිරීමේ හැකියාව පවතිනවා.

පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් සහිත මහල් නිවසක් මතට ගල් සහ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් පුද්ගලයින් හයදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.

ඊයේ (22) උදෑසන සිදු වූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වුණේ ආපනශාලාවේ හිමිකරුගේ 66 හැවිරිදි පියා, ආපනශාලා හිමිකරුගේ 39 හැවිරිදි බිරිඳ සහ තේ පානය සඳහා ආපනශාලාවට පැමිණ සිටි තවත් සිව්දෙනෙක්.

ඔවුන්, අවුරුදු 31, 60, 39 සහ 33 යන වයස්වල පසුවන, මාවනැල්ල, බලවත්ගම, ඇඹිලිපිටිය සහ ගම්පොළ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.

අනතුරින් තුවාල ලැබූ තවත් සිව්දෙනෙක් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කෙරුණා.

මෙම අනතුර සිදුවීමෙන් පසු ආරම්භ කෙරුණු මුදාගැනීමේ මෙහෙයුම් පස්වරු 7.30 දක්වා සිදුකෙරුණේ ශ්‍රී ලංකා යුද හමුදාව, පොලීසිය, මහනුවර මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩොලරය නඟිනවා කියන්නේ රටේ ණය බර වැඩිවෙනවා - උද්දච්ච උම්මත්තක එවුන්නේ මේ
04:08
Video thumbnail
Praharaya| සමගි ජන බලවේගයේ පා.ම එස්. එම් මරික්කාර් සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:14:26
Video thumbnail
බිරිඳගෙන් අහන්න කුස්සියේ ආර්ථික අර්බුදයක් නැද්ද කියලා..අනුන්ගේ හිල් ජොක්කු ඇදපු පක්ෂයක්නේ
03:59
Video thumbnail
සලේ නිදොස් කොට නිදහස් වෙන එක සහතිකයි - අද හරිනම් හිර කූඩුවේ ඉන්න ඕනි රවී,ශානි දෙන්නා
04:14
Video thumbnail
ස්ථාවරත්වය අහද්දි මරික්කාර් ලිස්සලා ගියපු හැටි - මට තේරෙන්නෙත් නෑ ඒක..මම මාධ්‍යයකාරයෙක්
05:06
Video thumbnail
2019යේ පාස්කු ප්‍ර#රය වුණේ නැත්තම් සජිත් ජනාධිපතිවරණය දිනනවා..
06:32
Video thumbnail
සත්‍යග්‍රහයට මහ රෑම සුගීෂ්වර, අනුරාධා ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම එයි
01:22
Video thumbnail
ජනපතිගේ ආන්දෝලනාත්මට ඡායාරූපයක් ලීක්වෙයි ? සෙනෙහසේ කැඳැල්ල ගැන ඇස් උඩයන කරුණු රැසක් එළියට
28:36
Video thumbnail
සජිත් නිසා කථානායකට යකා නගියි - හොරාකාපු ඩොලර් මිලියන 2.5 ගැන සජිත් කට අරියි
09:36
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ අත අල්ලලා කිව්ව දේ
01:19