බලපත්‍රයක් නොමැතිව පුද්ගලයින් විදේශ රැකියා සඳහා පිටත් කර යැවීම වෙනුවෙන් මුදල් ලබා ගෙන වංචාවන් සිදු කරන ආයතනයක් වටලා එහි හිමිකරු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙක් විදේශ සේවා නියුක්ති කාර්යංශයෙහි විශේෂ විමර්ශණ අංශයේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදාන – ශ්‍රී ප්‍රියදර්ශණාරාම මාවතේ පවත්වා ගෙන ගිය විදේශ රැකියා නියෝජිත ආයතනයක හිමිකරු ඇතුළු සේවකයින් තිදෙනෙක්.
එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 256 ක්ද වැටලීම කළ නිලධාරීන් සිය භාරයට ගෙන ඇති බායි වාර්තා වන්නේ.
මෙම විදේශ රැකියා නියෝජිත ආයතනය සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිළි 85 ක් පමණ ලැබී ඇති අතර ඒ අනුව විමර්ශණ සිදු කිරීමේදී අනාවරණය වී ඇත්තේ මෙම ආයතනය මීට පෙර විදේශ රැකියා ලබා දෙන බව
පවසා මුදල් වංචා කිරීමේ සිද්ධීන සම්බන්ධයෙන් ඔවුන්ගේ බලපත්‍රය අත්හිටුවා ඇති බවයි.
බලපත්‍රය අත්හිටුවා තිබුණද එම ආයතනයේ හිමිකරු තව දුරටත් විදේශ රැකියාවන් ලබා දෙන බව පවසා පුද්ගලයින් රවටමින් මුදල් වංචා කර ඇති බවයි විමර්ශණ නිලධාරීන් සදහන් කළේ.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.















