ත්‍රිකුණාමලයේ බුදු පිළිමයක් ඉවත් කිරීමේ සිද්ධිය ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්

ත්‍රිකුණාමලය වරාය පොලිස් වසමේ වෙරළ තීරයේ බුදු පිළිමයක් ඉවත් කිරීම හා සම්බන්ධයෙන් ඇති වූ නොසන්සුකාරී තත්ත්වයක් දැක්වෙන වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පොලිසිය පවසන්නේ අදාළ සිදුවීම මුල්කර ගනිමින් යම් අසත්‍ය පුවත් නිර්මාණය වෙමින් පවතින බවත්, මේ සම්බන්ධයෙන් නිවැරදි තත්ත්වය පැහැදිලි කිරීම සඳහා අදාළ මාධ්‍ය නිවේදනය නිකුත් කරන බවයි.

අදාළ නිවේදනය පහතින්..

ත්‍රිකුණාමලය වරාය පොලිස් වසමේ වෙරළ තීරයේ බුදු පිළිපියක් ඉවත් කිරීම හා සම්බන්ධව ඇති වූ නොසන්සුන්තාවයක් දැක්වෙන වීඩියෝ දර්ශනයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මෙම සිදුවීම මුල්කර ගනිමින් යම් අසත්‍ය පුවත් නිර්මාණය වෙමින් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් නිවැරදි තත්ත්වය පැහැදිලි කිරීම සඳහා මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරනු ලැබේ.
2025 11 16 වන දින ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ ගරුකර ස්වාමීන් වහන්සේලා හා දායක පිරිසක් විසින් 2025.11.16 වන දින ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුල අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීමට කටයුතු කරන බවට පවරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණා කරන දෙසාජමේන්තුවේ නිලධාරීන් විසින් ත්‍රිකුණාමලය වරාය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදු කර ඇත. ඒ අනුව ත්‍රිකුණාමලය කොට්ඨාස භාර නිලධාරිතුමා ඇතුළු සපොලිස් නිලධාරීන් අදාල ස්ථානයට ගොස් 8පි අනවසර ඉදිකිරීම නවතා දමන ලෙසද දන්වා ඇතත් ඉදිකිරීම් නොනවත්වා සිදු කර ඇත.
මෙම බුදුපිළිමය තැන්පත් කර ඇති ස්ථානයට යාබද ස්ථානයද, මෙවැනි අනවසර ඉදිකිරීමක් සිදු කිරීම හේතුවෙන් එය ඉවත් කර ගන්නා ලෙසටත්, මෙයට පෙසර කොටුව පාර, ත්‍රිකුණාමලය ප්‍රපදේශයේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් හට පරිසර අමාත්‍යාංශය මඟින් 2025.10.16 වන දින ලිඛිතව දැනුම් දී තිබී ඇති පසුවීමක 2025.11.16 වන දින මෙම ප්‍රශ්නගත ඉදිකිරීම සහ බුදු පිළිමය ස්ථාපිත කිරීම සිදු වී ඇත.
මෙම සිදුවීම මුල් කරගෙන ජාතීන් අතර අසමගියක් ඇති වීමට ඉඩ ප්‍රස්ථාවක් ඇති බවට ශ්‍රී ලංකා පොලිසියට නිරික්ෂණය වී ඇත. මෙහි ප්‍රදේශයේ සියළු ජාතින් නියෝජනය වන ප්‍රදේශයක් වන බැවින්, යම් සහයකින් මෙම සිදුවීම දඩම්මා කර ගනිමින් යම් කඩාකප්පල්කාරී පුද්ගලයෙකු මෙම බුදු පිළිමයට යම් කිසි හානියක් සිදු කල හොත් එය ප්‍රදේශයේ සාමය සහජීවනය පවත්වගෙන යාමට විශාල ගැටළුවක් ඇති වීමට තුඩුදිය හැකි බැවින් එම අවස්ථාවේදී බුදු පිළිම වහන්සේ ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කර ත්‍රිකුණාමලය වරාය පොලිසිය වෙත වැඩම කරවා ගෙන ඒ පිට කටයුතු කර ඇත.
2025 11 16 වන දින වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරන දෙපාර්තමේන්තුව මඟින් වරාය පොලිසිය වෙත යොමු කරන ලද පැමිනිල්ලට අනුව සිදු කරමින් පවතින අනවසර ඉදි කිරීම නැවැත්වීමට යාමේදී එම ස්ථානයට රැස්වුනු පිරිස කලහකාරී ලෙස හැසිරීමේදී එය පාලනය කිරීමට පොලිසිය විසින් කටයුතු කල ද කිසිඳු අවස්ථාවක පිහා සංසරත්නයට හෝ මහජනතාවට පහර දීමත් සිදු කර නොමැත.
තවද, පම් වන විට ප්‍රදේශයේ සාමකාමී තත්ත්වයක් පවතින බැවින් මේ සම්බන්ධව ඉදිරි කටයුතු කිරීම සඳහා අදාළ පාර්ශවයන් එකගතාවකට පැමිණ ඇති බැවින් මෙසේ පොලිස් ආරක්ෂාව යටකට ගත් බුදු පිළිම වහන්සේ නැවත වැඩම වීම සඳහා ගරුතර මහ සංඝරත්නයට සහ දායක සභාවට භාර දී ඇත.
2025.11.17 වන අද දින මේ සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය ගරු මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක්... පවුලේ හිතවතුන් පිටතට පැමිණෙයි...
01:02
Video thumbnail
අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යොදවලා..මෙන්න නවතම දර්ශන
01:42
Video thumbnail
ම#ණ දඬුවම ලැබුණු පූජිත්, හේමසිරි රැගෙන යන්න බන්ධනාගාර බස් රථ පැමිණෙන අයුරු
02:34
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි රැගෙන යාමට බන්ධනාගාර බස් රථය පැමිණි මොහොත..
01:48
Video thumbnail
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ම#ණ දඬුවම
00:51
Video thumbnail
පූජිතට ලැබුණු මරණ දඩුවම ගැන ඇසූ විට මෛත්‍රීපාල සිරිසේනට තද වෙයි
00:31
Video thumbnail
පූජිත්ට දුන්න ම#ණ දඬුවම ගැන අහද්දි මෛත්‍රිපාලට යකා නගියි ?"නෑ නෑ මම වොයිස්කට් දෙන්නේ නෑ"
00:57
Video thumbnail
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ම#ණ දඬුවම - BREAKING NEWS
01:24
Video thumbnail
බුද්ධි තොරතුරු තියෙද්දිත් ක්‍රියාමාර්ග අරගෙන නෑ මේ විත්තිකරු - මරණ දඩුවම ලබාදෙමින් විනිසුරු කියූ දේ
02:21
Video thumbnail
පූජිත්ට ම#ණ දඬුවම දෙමින් සභාපති විනිසුරු කිව්ව දේ මෙන්න - විත්තිකරු තමන්ගේම වගකීම පැහැරහැරලා
02:47