ගම්පොළ ප්‍රදේශයේ සිට අනුරාධපුරයට වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් සිටි බස් රථයක් අද (16) උදෑසන ගල්කුලම නගරයේ දී හදිසියේ ගිනි ගැනීමට ලක්ව තිබුණා.
බස් රථයේ ඇති වූ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගිනි ගැනීම සිදුවන්නට ඇති බවටයි සැකපල කරන්නේ.
පොලිසිය සහ අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරින් එක්ව ගින්න කඩිනමින් නිවාදැමීමට කටයුතු කළ ද ඒ වන විටත් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබුණා.
බස් රථය ගිනි ගැනීමට ලක්ව අවස්ථාවේ එහි පුද්ගලයන් 11 දෙනෙකු පැමිණ ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
+1
+1
4
+1
+1





