සියලුම රාජ්‍ය ආයතනවල මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවීමට සැරසෙයි – චක්‍රලේඛය හෙට (වීඩියෝ)

රජයේ සියලුම ආයතනවල මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවීමට රාජ්‍ය පරිපාලන ලේකම්වරයා හරහා හෙට (17) දිනයේ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

එමෙන්ම මත්ද්‍රව්‍ය ජාතික සභාව සඳහා වූ විශේෂ කාර්යාලයක් ලබන 22 වනදා කොළඹ 07 ටොරින්ටන් හිදී විවෘත කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ.

එම කාර්යාලයේ 1818 දුරකථන අංකය ඔස්සේ මත්ද්‍රව්‍ය සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කර හැකි බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර අලුතින් මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථාන දහයක් ස්ථාපිත කිරීම සඳහා ස්ථාන හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානවල පුනරුත්ථාපනය වන තරුණ තරුණියන් සඳහා රැකියා පන්දහසක් කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය හරහා ලබාදීමට ද වැඩපිළිවෙලක් සකසා ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මත්ද්‍රව්‍ය නිවාරණය කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ කළුතර දිස්ත්‍රික් මෙහෙයුම් සභා රැස්වීමට අද එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34