ආසියානු කුසලාන නැගී එන තරු 20-20 තරගාවලියේ ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානයට පරදී

ආසියානු කුසලාන නැගී එන තරු විස්සයි විස්ස තරගාවලියේ මුහුණ දුන් පළමු තරගයෙන් පරාජයට පත්වන්ටන ශ්‍රී ලංකාවට ඊයේ (15) සිදුවුණා.

තියුණු තරගයකින් පසු ශ්‍රී ලංකාව පරදා මෙම තරගය කඩුලු 03කින් ජයගත්තේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමයි.

කටාර් රාජ්‍යයේ දෝහා හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 170ක් රැස් කළා.

එහිදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් මිලාන් රත්නායක පන්දු 19ක් තුළ ලකුණු 41ක් රැස්කළ අතර, නුවනිදු ප්‍රනාන්දු පන්දු 35කදී ලකුණු 39ක් රැස් කළා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන්ට අභියෝග කිරීමට ඇෆ්ගනිස්ථාන නායකයා පන්දු යවන්නන් 07 දෙනෙකු යොදවා ගත්තා.

එහිදී ඒ.එම් ගසන්ෆාර් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 03ක් සහ බිලාල් සාමි කඩුලු 04ක් බිඳ දැමුවා.

අනතුරුව තරගයේ ජයග්‍රහණය වෙනුන්වෙන් පිළිතුරු ඉනිම ඇරඹු ඇෆ්ගනිස්ථානය සිය ඉනිමේ එක් පන්දුවක් ඉතිරිව තිබිය දී කඩුලු 07ක් පමණක් දැවී අදාළ ඉලක්කය හඹාගෙන ගොස් තරගය ජයගත්තා.

ඇෆ්ගනිස්ථාන ජයග්‍රාහී ඉනිම වෙනුවෙන් සෙඩිකුල්ලා අටල් ලකුණු 54ක් සහ ආරම්භක පිතිකරු ඉම්රාන් ලකුණු 34ක් රැස් කළා.

පන්දු යැවීමේ දී විජයකාන්ත් වියස්කාන්ත් ලකුණු 28කට ඇෆ්ගනිස්ථාන කඩුලු 03ක් බිඳ දැමුවා.

මේ අතර තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදෙන මීළඟ තරගය හෙට (17) හොංකොං කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරට පාසල් පද්ධතියට චීනයෙන් ඩිජිටල් පන්ති කාමර 500ක් - අගමැති සහ නව චීන තනාපති අතර හමුවක්
01:40
Video thumbnail
කාර්යාල දුම්රිය සියල්ල අද ධාවනය කළා - සවස් කාලයෙ‍ත් අපි හැකි අයුරින් ධාවනය කරනවා
06:15
Video thumbnail
22ට එරෙහිව හැමෝම එකතුවෙනවා
03:40
Video thumbnail
හයිවේ එකෙන් එළියට පැන්න මෝටර් රථය නැවතුණු තැන
00:35
Video thumbnail
පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ - මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා
09:40
Video thumbnail
කාව හිරේ දැම්මත් ආණ්ඩුව එළවන වැඩේ අපි කරනවා
04:58
Video thumbnail
රතිඤ්ඤා එකක්වත් හරියට පිපිරුන් නැති රටක් මේක, දැන් හැමදාම වෙ# පත්තුවෙනවා
04:16
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
01:06
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු
00:49
Video thumbnail
සජිත් ප්‍රේමදාස 22ක ගැන සැරටම කිව්ව දේ - අධිකරණය විධායකයේ වහලෙක් කිරීමේ කුමන්ත්‍රණය 22වන ව්‍යවස්ථාව
03:59