ලොරි රථයක් සොරකම් කර පලා යමින් සිටියදී සිදුවූ අනතුරු දෙකකින් අයෙක් මරුට – සිව්දෙනෙකුට බරපතළයි

කඳාන පොලිස් වසමේ මරියා මාවත ප්‍රදේශයේ නිවසක නවතා තිබූ ලොරි රථයක් සොරකම් කර පලායමින් සිටි සැකකරුවෙකු අතින් සිදුවූ අනතුරු දෙකකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ (15) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරුවලින් තුවාල ලැබූවන් රාගම රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ව්‍යාපාරිකයෙකුගේ නිවසක නවතා තිබූ ලොරි රථයක් මෙලෙස සොරකම් කරගෙන යමින් සිටි සැකකරුවෙකු පසුපස ලොරි රථයේ හිමිකරු හා ඔහුගේ සේවකයින් විසින් ලුහුබැඳ තිබෙනවා.

එහිදී සැකකරු බටගම දෙසට ලොරි රථය නොනවත්වා පලා යමින් සිටිය දී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් අනතුරට ලක් කර නොනවත්වා පලා යන අතරතුර ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරුපැදියක ද ගැටී අනතුරුව ලොරි රථය තාප්පයක ගැටී මාර්ගයේ පෙරළී ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුර හේතුවෙන් පළමු අනතුරින් එකම පවුලේ සාමාජිකයින් තිදෙනෙකු හා දෙවන අනතුරින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙවන අනතුරේ යතුරුපැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 43ක ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්‌.

ලොරි රථය සොරකම් කර අනතුරු සිදුකළ සැකකරු ප්‍රදේශවාසින් විසින් අල්ලාගෙන කඳාන පොලිසිය වෙත භාරදී ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු ද මේ වන විට රාගම රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන අතර, ඔහු වයස අවුරුදු 46ක ජා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කඳාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
1
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ණය ගෙවන්න බැරිවුණොත් රට ලොකු ඛේදවාචකයක - රට ගැන හිතලා අපි එකතුවෙමු
10:07
Video thumbnail
ජල ගාස්තුවත් වැඩි කරන්න යන්නේ ? - රට භයානක තත්ත්වයක..විපක්ෂය අනතුරු අඟවයි..!
02:59
Video thumbnail
සුන්බුන් විපක්ෂයට මෙහෙමනම් ගමනක් නෑ - නි. ඇමතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
05:33
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා වෙට්ටු දදා යන බස් එක
00:55
Video thumbnail
පොඩි කොල්ලෝ හෙල්මට් නැතුව බයික් එකෙන් දැම්ම සෙල්ලම
00:19
Video thumbnail
ප්‍රශ්නවලට බණෙන්ම උත්තර දුන් කථානායක - ජාතියේ පුනරුදයට ආධ්‍යාත්මික පුනරුදය අත්‍යවශ්‍යයි
02:52
Video thumbnail
වෛභව සූර්යවංශිට විශේෂ ආරක්ෂාවක් - වීඩියෝ පොටෝ ගන්නවත් දෙන්නේ නෑ
02:14
Video thumbnail
රනිල්ට - ඩඩ්ලි බනින හේතුව ඩඩ්ලි හෙළිකරයි - සටන මාස 2ක් ඇතුළත පාවා දුන්නා රනිල්
01:20
Video thumbnail
ඩඩ්ලි ජනාධිපතිවරණයට ඉල්ලන්නද යන්නේ ?.."අනේ මට එහෙම අමාරුවක් නෑ"
01:38
Video thumbnail
මහා නායක ධුරයෙන් පිදුම් ලැබූ වල්පොළ විමලඥාන මහනායක ස්වාමීන් වහන්සේ..
04:13