තායිවානය නිසා චීන – ජපන් සබඳතා අර්බුදයක

ජපානයේ අග්‍රාමාත්‍ය සනේ ටකයිචි මහත්මිය තායිවානය සම්බන්ධයෙන් කළ අදහස් හේතුවෙන් චීනය සහ ජපානය අතර උණුසුම් වාග් සංග්‍රාමයක් ඇවිලී තිබෙනවා.

මෙම තත්ත්වය මධ්‍යයේ, සිය විරෝධය පලකිරීමට චීනය විසින් බීජිං නුවර සිටින ජපාන තානාපතිවරයා ද කැඳවනු ලැබුවා.

පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු රැස්වීමකදී ටකයිචි මහත්මිය පැවසුවේ, චීනය තායිවානයට ප්‍රහාර එල්ල කිරීමට යුද නැව් සහ බලය භාවිතා කරන්නේ නම්, එය ජපානයට “ජීවිතයට තර්ජනයක් වන තත්ත්වයක්” විය හැකි බවයි. 2015 ආරක්ෂක නීතිය යටතේ මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත්, ජපානයේ ස්වයං ආරක්ෂක බලකාය සක්‍රිය කිරීමට අවසර ලැබෙනවා.

මෙම ප්‍රකාශය චීනයේ කෝපයට හේතු වූ අතර, චීන විදේශ අමාත්‍යාංශය එය “දරුණු” යැයි විස්තර කළා.

ඊට පසු දින, චීනයේ ඔසාකා නුවර කොන්සල් ජනරාල්වරයා වූ සූ ජියන් සිය X ගිණුමේ පළ කළ පුවතකට අදහස් දක්වමින්, “ඇතුළට දමන අපිරිසිදු හිස කපා දැමිය යුතුයි” යනුවෙන් ප්‍රකාශ කර තිබුණා. මෙය ටකයිචි මහත්මියට එල්ල කළ තර්ජනයක් ලෙස අර්ථකථනය කෙරුණා. ටෝකියෝව මේ සම්බන්ධයෙන් චීනයට දැඩි විරෝධතා පෑ අතර, පසුව සූ ජියන්ගේ සටහන ඉවත් කරනු ලැබුවා.

කෙසේ වෙතත් ටකයිචි මහත්මිය සිය ප්‍රකාශ ඉවත් කර ගැනීම ප්‍රතික්ෂේප කළ අතර, එය “ආණ්ඩුවේ සාම්ප්‍රදායික ස්ථාවරයට අනුකූල” බව සඳහන් කළා.

බ්‍රහස්පතින්දා චීන උප විදේශ අමාත්‍ය සුන් වෙයිඩොං (Sun Weidong) විසින් ජපාන තානාපතිවරයා කැඳවූ අතර, ටකයිචිගේ අදහස් “ඉතා වැරදි සහ භයානක” බව ප්‍රකාශ කළා. සුන් වැඩිදුරටත් අවධාරණය කළේ එම ප්‍රකාශ ආපසු නොගතහොත් “සියලු ප්‍රතිවිපාක ජපානය විසින්ම දැරිය යුතු” බවයි.

මේ අතර ජපාන ප්‍රධාන කැබිනට් ලේකම් මිනෝරු කිහාරා පැවසුවේ, තායිවානය සම්බන්ධයෙන් ජපානයේ ස්ථාවරය “වෙනස් වී නොමැති” බවත්, සංවාදය තුළින් ගැටලු සාමකාමීව විසඳනු ඇතැයි අපේක්ෂා කරන බවත්ය.

ජපානය, රාජ්‍ය තාන්ත්‍රිකයාගේ තර්ජනාත්මක අදහස සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස චීනයෙන් නැවතත් දැඩි ලෙස ඉල්ලා සිටියා.

මෙම අර්බුදය චීනය සහ ජපානය අතර පවතින ඓතිහාසික සතුරුකම් මෙන්ම, තායිවානයේ ස්වෛරීභාවය පිළිබඳ දීර්ඝ කාලීන “උපායමාර්ගික නොපැහැදිලිභාවය” ද ඉස්මතු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03