2026 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීම අද (14) වැඩි ඡන්ද කින් සම්මත වුණා.
ඊට පක්ෂව ඡන්ද 160ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 42ක් ලැබිණා.
මන්ත්‍රීවරු 08 දෙනෙක් ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියා.
පසුගිය 07 වැනිදා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම අයවැයට අදාළ තෙවන වර කියවීම ලබනදෙසැම්බර් මස 05 වැනිදා සිදු කෙරෙනවා.













