අදත් ප්‍රදේශ රැසකට වැසි – ඉදිරියේදී වැසි තත්ත්වයේ වර්ධනයක්

දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින වලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන කාලගුණ නිවේදනයේ සඳහන් වනවා.

ඒ අනුව අද (13) දිනය තුළ උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇති වන බවයි පැවසෙන්නේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල අද පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට කාලගුණ විඔද්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි සඳහන් වන්නේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්