අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇප මත මුදාහරින ලෙස නියෝග කර තිබෙනවා.
එම කොමිෂන් සභාවට අද (12) පෙරවරුවේ පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍යවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
මෙහිදී ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත ඔහුට ඇප නියමකළ අතර, සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට ද අධිකරණයෙන් නියම කළා.
සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන හතරක සේවකයින් සඳහා ලබාදුන් සෘජු වෛද්‍ය රක්ෂණයට නීත්‍යනුකූල නොවන ලෙස පෞද්ගලික තැරැව්කාර සමාගමක් පත් කර, ඒ හරහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රුපියල් හතලිස් හත් ලක්ෂ පනස්දහස් අටසීය විසිදෙකයි ශත හැත්තෑ දෙකක මුදලක් පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.














