දඹුල්ල තණ්ඩර්ස් හිමිකරු තරග පාවාදීමේ චෝදනාවට වරද පිළිගනී

2024 වසරේ LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගී වූ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට තරග පාවාදීම සඳහා බලපෑම් කළේ යැයි චෝදනා ලබා සිටින දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වන තමීම් රහ්මන් නැමැත්තාට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දුන්නා.

මෙම නඩුව අද (12) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා විත්තිකරුට භාරදීම සිදු කෙරුණා.

ඉන් අනතුරුව විත්තිකරු රුපියල් ලක්ෂ 02ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට විනිසුරුවරයා නියෝග කළා.

මෙහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස, අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ මෙම විත්තිකරු පසුව ඇප මත මුදාහැරුණු බව කියා සිටියා.

මෙම විත්තිකරු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි බංග්ලාදේශ ජාතිකයෙක් බවත් මෙම නඩුකරය හේතුවෙන් විත්තිකරුට වසර එකහමාරකට අධික කාලයක් ශ්‍රී ලංකාව තුළ රැඳීසිටින අතර මේ හේතුවෙන් ඔහුගේ පෞද්ගලික කටයුතු මෙන්ම ව්‍යපාරික කටයුතුත් අඬාල වී තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

ඒ අනුව මෙම විත්තිකරු මෙම චෝදනාවලට වරද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කිරීමට සූදානම් බවත් ඒ පිළිබඳව තමන් නීතිපතිවරයා වෙත වාචිකව හා ලිඛිතව කරුණු සැලකිරීම් සිදුකර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පවසා සිටියා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය සඳහන් කර සිටියේ, විත්තිය විසින් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව නීතිපතිවරයාගේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.

ඉන් අනතුරුව නඩුව දෙසැම්බර් මස 8 වැනි දා කැඳවීමටද නියෝග කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාග බස්තමත් අරගෙන යන එකට ජනපති හිනාවෙවී ගහපු හින්ට් එක - හෙට මොන පි#ස්සුවක් නටයිද දන්නේ නෑ ?
08:01
Video thumbnail
Kingsbury හෝටලයට සරත් වීරසේකරගෙන් එන්තරවාසියක් - හෝටලයේ CCTV දර්ශන විකෘති කරලා
03:23
Video thumbnail
රටේ ආර්ථිකය ගැන ජනපති වේදිකාවේ උජාරුවෙන් කිව්ව කතාව - අලුතෙන් බදු ගහලා නෑ - තිබ්බ ඒවත් අඩු කළා
11:32
Video thumbnail
තරුණියකගේ දුරකථයක් ඉස්සූ සොරාට ගම්මු එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:24
Video thumbnail
කැමරා ප්‍රදර්ශනයක් බලන්න ගිය සජිත්ව හතර වටින්ම වට කරගෙන කට්ටිය සෙල්ෆි ගහයි
02:51
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව
00:00
Video thumbnail
ජාතික විද්වත් සංවිධානයේ වේදිකාවට ජනපති අනුර ගැම්මට ආපු හැටි - මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:28
Video thumbnail
ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා අපිට අමතකවෙලා - සමස්ත බර බදු මුදල්වලින් දරාගෙන ඉන්නේ
02:49
Video thumbnail
උඩුවර නව කොළනිය ගල් පෙරලීමේ අවදානමක්..තවත් ගල් ගැලවෙන්න පුළුවන් ?
00:51
Video thumbnail
"පුතේ ජීවිතේ කෙටි පාරවල් නෑ.."අගමැතිනිය ළමයි ඉදිරියේ කිව්ව සුපිරි කතාව
03:24