දඹුල්ල තණ්ඩර්ස් හිමිකරු තරග පාවාදීමේ චෝදනාවට වරද පිළිගනී

2024 වසරේ LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගී වූ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට තරග පාවාදීම සඳහා බලපෑම් කළේ යැයි චෝදනා ලබා සිටින දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වන තමීම් රහ්මන් නැමැත්තාට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දුන්නා.

මෙම නඩුව අද (12) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා විත්තිකරුට භාරදීම සිදු කෙරුණා.

ඉන් අනතුරුව විත්තිකරු රුපියල් ලක්ෂ 02ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට විනිසුරුවරයා නියෝග කළා.

මෙහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස, අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ මෙම විත්තිකරු පසුව ඇප මත මුදාහැරුණු බව කියා සිටියා.

මෙම විත්තිකරු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි බංග්ලාදේශ ජාතිකයෙක් බවත් මෙම නඩුකරය හේතුවෙන් විත්තිකරුට වසර එකහමාරකට අධික කාලයක් ශ්‍රී ලංකාව තුළ රැඳීසිටින අතර මේ හේතුවෙන් ඔහුගේ පෞද්ගලික කටයුතු මෙන්ම ව්‍යපාරික කටයුතුත් අඬාල වී තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

ඒ අනුව මෙම විත්තිකරු මෙම චෝදනාවලට වරද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කිරීමට සූදානම් බවත් ඒ පිළිබඳව තමන් නීතිපතිවරයා වෙත වාචිකව හා ලිඛිතව කරුණු සැලකිරීම් සිදුකර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පවසා සිටියා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය සඳහන් කර සිටියේ, විත්තිය විසින් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව නීතිපතිවරයාගේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.

ඉන් අනතුරුව නඩුව දෙසැම්බර් මස 8 වැනි දා කැඳවීමටද නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.16
00:00
Video thumbnail
වීඩියෝවක් පෙන්වා පාස්කු ප්‍ර#රය ගැන කළ ප්‍රබල හෙළිදරව්ව - වග කියන්න ඕනි එකාට ම#ණ දඩුවම දෙන්න ඕනි
06:41
Video thumbnail
අපි නාමල්ට කියන ස්ටිකර් ගහන්න කාලය හරි?
06:38
Video thumbnail
පොහොට්ටුව හදිසියේ ආණ්ඩුව අමතයි - ඉල්ලීම් 10ක් කරයි
29:54
Video thumbnail
ආර්ථික වර්ධනය ක්‍රම ක්‍රමයෙන් ඉහළට යමින් තියෙන්නේ - මේක හොඳ තත්ත්වයක්
05:00
Video thumbnail
රණවිරුවෙක්ගේ අතින් අල්ලාගෙන තිස්සකුට්ටි දීපු පොරොන්දුව
01:04
Video thumbnail
අලුත් බස් රථයේ රිබන් කපලා මාලිමා මන්ත්‍රීතුමා ඇතුලට ගිය හැටි
01:05
Video thumbnail
මුළු ගමම අඳුරු කරමින් ගමට පැන්න හොරු කරලා ගිය වැඩේ
02:00
Video thumbnail
ඩෙංගු වසංගතය තුරන් කරන්න රන්ජන් ජයලාල් ගේමට බහී
05:55
Video thumbnail
තාත්තගේ පාරේ බස් පදින ඩ්‍රයිවර් අයියා
00:40