හොරෙන් මිලදී ගත් ලැප්ටොප් එකක් නිසා නාවලපිටිය සභාව උණුසුම් වෙයි

නාවලපිටිය නගර සභාවේ 2026 වසර සදහා වූ අයවැය කෙටුම්පත ඊයේ (11) දින එම නගර සභාවේ සභාපති අමල් ප්‍රියංකර විසින් ඉදිරිපත් කළ අතර, එම අයවැය කෙටුම්පත ඒකමතිකව සම්මත වී තිබෙනවා.

එහිදී පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත්කර තිබූ නාවලපිටිය නගර සභාවේ උප සභාපති කරුපන්නන් සුරේෂ්වරන්ට නගර සභාවේ කාර්යභාර කටයුතු කරගැනීම සඳහා අවශ්‍ය ලැප්ටොප් යන්ත්‍රයක් මිලදී ගැනීම පිළිබඳ යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේ සභාව තුල දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබූ බව වාර්තා වනවා.

එම යෝජනාව සභාපතිවරයා විසින් සභාවට ඉදිරිපත් කිරීමත් සමග නැගී සිටි ජාතික ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක නාගරික මන්ත්‍රී තිලක් සිරිසේන විමසා සිටියේ, මේ වන විට සභාවට පරිගණකයක් මිලදී ගැනීමක් සිදුකර තිබේද යන්නයි.

එහිදී සභාවේ ලේකම්තුමිය ප්‍රකාශ කර සිටියේ, මේ වන විට මුදල් හා ප්‍රතිපාදන කමිටුවේ නිර්දේශ මත පරිගණකයක් මිලදී ගැනීමට කටයුතුකර ඇති බවයි.

එහෙත් එම තීරණය පිළිබඳ මහ සභාව දැනුවත්ව නොවීම සම්බන්ධයෙන් මුදල් කමිටුව නියෝජනය කරන ජාතික ජන බලවේගයේ මන්ත්‍රී නෝබට් පෙරේරා සිදුකළ විමසීමකදී ඒ සම්බන්ධව නිසි පිළිතුරක් ලබා නොදුන්නා යැයි පවසමින් මෙසේ සභාවේ මන්ත්‍රීවරුන් හරහා දැඩි විරෝධයක් මතු වුණා.

ලක්ෂ 03කට වඩා වැඩි නගර සභාවේ මුදලක් වැය කරමින් ලැප්ටොප් පරිඝණකයක් මිලදී ගැනීම් පිළිබඳ නගර සභා
නිලධාරීන්හට සභාපතිවරයා ඇතුළු ආණ්ඩුපක්ෂයේ සහ විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන්ගේ දැඩි අප්‍රසාදය සහ විරෝධය පල වූ අතර එහිදී ඔවුන් කියා සිටියේ මේ පිළිබද වගකීම සභාපතිවරයාට හෝ නාගරික මන්ත්‍රිවරාන්ට භාර ගත නොහැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලොකු ලොකු කෑන්වලට තෙල් පුරවාගෙන යන මිනිස්සු
02:24
Video thumbnail
සලේ ගැන ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්
13:33
Video thumbnail
ශම්මිට, රාජාංගනයේ හිමි සැරටම අමතයි..මූ ඉන්න ඕනේ හිරේනේ තොපිට ලැජ්ජා නැද්ද...?
04:28
Video thumbnail
"ශම්මි ඔයාව අපි එලවලා මිසක් පස්ස බලන්නේ නෑ"පිට පිට මැච් පරදින එකට හේතුව ශම්මි ද..?
01:28
Video thumbnail
මිහින්තලේ හිමි බැහැ දකින්න ගිය විජයදාස රාජපක්ෂ.."අද මූල්‍ය කළමණාකරණය බිංදුවටම වැටිලා"
04:23
Video thumbnail
ක්‍රිකට් ආයතනය ඉදිරිපිට දැඩි උණුසුම්.."බුකී ශම්මි අපිට එපා..ශම්ම් ශම්මි Go Home.."
01:08
Video thumbnail
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැඩි ප්‍රකාශයක්..බූලිවලට තෙල් එකතු කරන්න ගිහින් අමාරුවේ වැ#න්න එපා
07:33
Video thumbnail
අධ්‍යාත්මික නායකයා ඝා#නයේ සතුට සමරන ඉරාන වැසියන්..කට්ටිය උඩ පැන පැන සතුට සමරන්නේ
00:46
Video thumbnail
කිසිදු අනියත බියක් ඇතිකර ගත යුතු නැහැ..දින 37 - 45කට අවශ්‍ය ඉන්ධන තියෙනවා..
03:50
Video thumbnail
අයතුල්ලා අලි කමේනි ඝා#නය වූ පුවත අසා ඉරාන වැසියන් කණු බදාගෙන හඬා වැලපෙයි
00:53