බැංකු දෙකක් ප්‍රතිව්‍යුහ ගතකෙරේ

1997 අංක 7 දරන ශ්‍රී ලංකා නිවාස සංවර්ධද්ධ්‍යා මූල්‍ය සංස්ථා බැංකු පනත යටතේ සංස්ථාගත කර ඇති ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව කොටස් වෙළෙඳ පොළෙහි ලැයිස්තු ගත කර ඇති බලපත්‍රලාභී විශේෂිත බැංකුවක්.

නිවාස සඳහා අරමුදල් සැපයීම සහ ඊට අදාළ අනෙකුත් සේවා සැපයීම එහි මූලික අරමුණ වේ. 1975 අංක 13 දරන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු නීතිය යටතේ ස්ථාපිතකර ඇති රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව පූර්ණ වශයෙන් රජයට අයත් බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වන අතර, එමඟින් නිවාස සම්බන්ධිත උකස් ණය සහසුකම් සපයනු ලබනවා.

මෙම බැංකු ද්විත්වයම කුඩා වෙළෙඳ පොළ කොටසක් සහිත සාපේක්ෂව කුඩා මූල්‍ය ආයතනයන් වනවා.

තැන්පතු රැස් කිරීමේ සීමිත ධාරිතාව, දුර්වල ලාභදායීත්වය, අවම ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අවශ්‍යතා සපුරාලීමට ඇති නොහැකියාව හේතුවෙන් එකී බැංකුවල වත්මන් ව්‍යාපාර ආකෘති තිරසර නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නංවමින්, සමස්ත බැංකු අංශයේ ස්ථාවරත්වය සහතික කිරීම සහ තැන්පත්කරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම යන අරමුණු සහිතව, ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ රජය සතු සියලු කොටස් හිමිකම ලංකා බැංකුව වෙත අත්පත් කරගෙන ලංකා බැංකුවේ අනුබද්ධිත ආයතනයක් ලෙස මෙහෙයුම් කටයුතු පවත්වා ගෙන යාමටත්, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සියලු කොටස් මහජන බැංකුව වෙත අත්පත් කරගෙන එම බැංකුවේ අනුබද්ධිත ආයතනයක් ලෙස මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමටත් හැකි වන පරිදි අදාළ බැංකු විසින් අවශ්‍ය පියවර ගැනීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
8
+1
0
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව නිසා විදුලිබිල වැඩි වුණා..දැන් ජනතාව දින්නා
03:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.22
00:00
Video thumbnail
අත්අඩංගුවට ගත් හිටපු පා.ම. ප්‍රේමලාල් ජයසේකර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට
00:50
Video thumbnail
දූෂිත ආණ්ඩුවට ආණ්ඩුවට එරෙහිව අපිත් එක්ක එකතුවෙන්න
01:30
Video thumbnail
"ක්‍රිකට් පාලන මණ්ඩලය අයින් කරලා වෙන බෝර්ඩ් එකක් දාන්න යන්නේ"මරික්කාර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
06:53
Video thumbnail
අජිත්ගෙන් ලාල්කාන්තට සැර හින්ට් එකක් - ලාල්කාන්ත චණ්ඩියෙක් වෙලා - අපි අනුකම්පා කරනවා
01:35
Video thumbnail
ඇමතිව සුදු කරලා නැවත අමාත්‍යංශය දීමේ කූඨ උපක්‍රමයක්..අජිත්ට යකා නැගලා වසන්ත ඇතුළු සෙට් එකටම අමතයි
06:29
Video thumbnail
Praharaya | පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:14:51
Video thumbnail
"බලන්න ගඳ..තනිකර අසූචිනේ ගලන්නේ"නාවලපිටියේ මහ රෝහලෙන් යන අප ද්‍රව්‍ය නිසා වෙළෙඳුන්ට යකා නගියි
07:01
Video thumbnail
රෙදිපිළි වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න
01:22