දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයට අලුත් මුහුණු කිහිපයක්

සාගරිකා අතාවුද සහ සෙල්ලතම්බි තිලකනාදන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා සභාපති නාමාවලියට ඇතුළත් කළ බව කථානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කරනු ලැබුවා.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 143 ප්‍රකාරව, දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා නම් කරන ලද සභාපති නාමාවලියේ මන්ත්‍රීවරයන් අතරින් කෞෂල්‍යා ආරියරත්න සහ අරවින්ද සෙනරත් නියෝජ්‍ය අමාත්‍ය ධුරයන්ට පත්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩු සඳහා සාගරිකා අතාවුද සහ සෙල්ලතම්බි තිලකනාදන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සභාපති නාමාවලියට ඇතුළත් කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (11) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළා.

ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන කවීන්දිරන් කෝඩීස්වරන්, කිංස් නෙල්සන්, එම්.කේ.එම්. අස්ලම්, උපුල් කිත්සිරි, නීතිඥ තුෂාරි ජයසිංහ, සුජීව දිසානායක යන අයද සභාපති නාමාවලියට ඇතුළත් කිරීමට නම් කළ බව කථානායකවරයා නිවේදනය කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?