රජයට ගෙන්වීමට නියමිත වාහන 1775න්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ටම වාහන ලබා නොදෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
අද (11) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ඒ, අනුව රජයෙන් මේ වනවිටත් වාහන ලබා දී ඇති අමාත්‍යවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට අලුතින් ගෙන්වන වාහන ලබා නොදෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
මේ අතර ගෙන්වීමට නියමිත වාහන 1775ම මෙම වසර තුළ දී මිල දී ගැනීමේ සූදානමක් නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
3
+1
+1
+1
1
+1





