ප්‍රදේශ කිහිපයක වායු තත්ත්වය අයහපත් මට්ටමක (වීඩියෝ)

මෙරට ප්‍රදේශ කිහිපයක වායු තත්ත්වය දර්ශක අගයන් අයහපත් මට්ටමකට පැමිණ ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

උතුර, උතුරු නැගෙනහිර ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශක අගය ඒකක 150 දක්වා තරමක් අහිතකර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ.

අන්තර් දේශසීමා අතර සිදුවන වායු සංසරණය හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබෙන අතර, එමෙන්ම පසුගිය සති දෙකේ පැවති වායුගෝලයේ කැළඹිලි ස්වභාවය සමඟ උතුරු දෙසින් රට තුළට වායු දූෂකකාරක ඇතුළු වී ඇති බවයි මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ, මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන පැවසුවේ.

මෙම තත්ත්වය ඉදිරියේ දී පහව යනු ඇතැයි අපේක්ෂා කළ හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?