ප්‍රවීන බොලිවුඩ් නළු ධර්මේන්ද්‍ර මියගිය බවට පැතිර ගිය කතාව බොරුවක්

හින්දි සිනමාවේ ග්‍රීක දෙවියා ලෙසින් විරුදාවලි ලැබූ 60 දශකයේ හින්දි සිනමාව දිග්විජය කළ ධර්මේන්ද්‍ර මියගිය බවර ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කළ පුවත අසත්‍ය බව ඔහුගේ දියණිය වන ඊෂා ඩියෝල් පවසනවා.

ඊෂා ඩියෝල් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට සටහනක් එක්කරමින් මේ බව පවසා තිබෙනවා.

“මාධ්‍ය මේ වනවිට අසත්‍ය පුවත් පතුරුවමින් සිටින බව පෙනේ. මගේ පියාගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර වන අතර, ඔහු සුවය ලබමින් සිටිනවා. අපේ පවුලේ පෞද්ගලිකත්වයට ගරුකරන මෙන් අපි සැමගෙන් ඉල්ලා සිටිමු. තාත්තාගේ ඉක්මන් සුවය පතා කරන යාච්ඤාවලට ස්තූතියි.” යනුවෙන් ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ එම සටහන තබා තිබෙනවා.

කලක සිට අහයපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූ ධර්මේන්ද්‍ර ඊයේ (10) දිනයේ මුම්බායි හි බ්‍රීච් කැන්ඩි රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

ප්‍රවීණ නළු ධර්මේන්ද්‍රගේ රසිකයන් ඔහුගේ සෞඛ්‍යය ගැන කනස්සල්ලට පත්ව සිටින අතර තුරයි ඇතැම් ඉන්දීය මාධ්‍ය ඔහු මියගිය බවට අසත්‍ය පුවතක් අද (11) පෙරවරුවේ වාර්තා කර තිබුණේ.

මෙම ප්‍රවීන නළුවා රෝහල් ගත කිරීමෙන් පසු බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන් ද, ධර්මේන්ද්‍රගේ සෞඛ්‍යය පරීක්ෂා කිරීම සඳහා රෝහලට පැමිණි අතර, ෂාරුක් ඛාන් ද සිය පුත්‍රයා සමඟ බ්‍රීච් කැන්ඩි රෝහලට පැමිණ තිබුණා.

ඊට අමතරව බොලිවුඩ් නළු ගෝවින්ද, අමීෂා පටෙල් සහ තවත් නළු නිළියන් රැසක් ධර්මේන්ද්‍රගේ සෞඛ්‍යය තත්ත්වය පිළිබදව සොයා බැලීමට ඊයේ දිනයේ සිට රෝහලට පැමිණ තිබෙනවා.

හින්දි සිනමාව දිග්විජය කළ ධර්මේන්ද්‍ර මේ විට ඔහු 89 හැවිරිදි වියේ පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23