පුටින්ගෙන් සම්මානය දිනාගත් ලාංකීය විශිෂ්ඨයා මව්බිමට පැමිණේ

රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නිකුත් කළ ආඥාවක් අනුව තමන්ට ” මිත්‍රවයේ සම්මානය ”  හිමි වූ බව එම සම්මානය හිමි කර ගෙන මෙරටට පැමිණි වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ අද (08) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසුවා.

මෙම සම්මානය ලබා දීම සදහා රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය වෙනුවෙන් සිදු කර ඇති කාර්යය භාරය මෙන්ම  ආර්ථික , මානුෂීය සම්බන්ධතාවය පිළිබද සිදු කර ඇති මෙහෙවර සඳහා ඇගැයීමක් සිදු කර මෙම සම්මානය , රුසියාවට ජාතික වශයෙන් වැදගත් දිනයක් වන ඉකුත් 04 දින ක්‍රෙම්ලින් මන්දිරයේ දී ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් පෞද්ගලිකව පිරිනැමීමට කටයුතු කරනු ලැබුවා.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ වෛද්‍ය සමන් වීරසිංහ, දෙරට අතර සම්බන්ධතා ආරම්භ වී වසර 69 ක කාළය තුළ, කිසිදු ප්‍රශ්ණයක් ඇති වී නොමැති බවත්, ගෝලීය ගැටළුවලදී, ශ්‍රී ලංකාවට යම් යම් ගැටළු මතු වූ අවස්ථාවලදී ඍජුව උදව් කර තිබෙන බවත්, මානව හිමිකම් ගැටළුවලදී එක් අවස්ථාවක එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේ රුසියාව නිශේධ බලය පාවිච්චි කරමින් එම යෝජනාව ඉවත ලෑමට පියවර ගෙන ඇති බවත් කියා සිටියා.

රුසියාව කවදාවත් අපේ රටට යම් යම් දේ කරන්න කියල බල කරල නැහැ, ඒ රටේ වැඩ වලට සම්බන්ධ වෙන්න කියල බලපෑම් කරල නැහැ, ඉතිං මේ වගේ මිතුරු රාජ්‍යයක් සම්බන්ධතාවය මිල මුදලින් අගය කිරීමට නොහැකි තරම් වටිනවා යැයි ද වෛද්‍ය සමන් වීරසිංහ වැඩිදුරත් සඳහන් කළා.

මෙම සම්මානය මෙම වසරේ හිමිකර ගත් ආසියානූ කළාපයේ එකම පුද්ගලයා වෛද්‍ය සමන් වීරසිංහ වන අතර , එම සම්මානය රැගත් වෛද්‍ය සමන් වීරසිංහ අද දින උදෑසන 08.35 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ පැමිණියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23
Video thumbnail
මහ භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර් කෙනෙක්ට ගිහින්..නලින්ද සියල්ල එළියට එයි
02:51
Video thumbnail
ජනපති පත්කරපු ලේකම් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
10:28
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන ඇමති නලින්ද කැබිනට් මාධ්‍ය හමුවේදී කට අරියි..එකක්වත් අත් හරින්නේ නෑ
07:08
Video thumbnail
අපි හැමදේම තියාගෙන දේශපාලනයට ආව මිනිස්සු..බොරු කියලා පච කියලා අන්දපු මේ වගේ ආණ්ඩුවක් තවත් නෑ
06:25
Video thumbnail
හයිවේ බස් එකේ වීරයා වෙන්න ගිහින් අන්තිමට නෝන්ඩි වුණ හැටි
01:14
Video thumbnail
සජබයේ ඇමතියෙක් හොරකම් කළා නම් අනිවාර්යෙන් දඬුවම් දෙන්න ඕනි.. l S. M. Marikkar
03:53
Video thumbnail
සංජීවගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
07:22
Video thumbnail
සුරේෂ් සලේ දැඩි ආරක්ෂාවක් මැදින් කොටුව උසාවිය
01:43