රුසියාවේ ඉහළම සිවිල් සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලාංකිකයා

රුසියාව සිවිල් පුරවැසියෙකුට පිරිනමන ඉහළම ගෞරව නාමයක් වන “මිත්‍රත්වය සදහා වූ රුසියානු රාජ්‍ය සම්මානය” වෛද්‍ය සමන් රංජිත් වීරසිංහට පිරිනමා තිබෙනවා.

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් ඊයේ (040 දිනයේ වෛද්‍ය වීරසිංහ වෙත මෙම සම්මානය පිරිනමා ඇති බවයි වාර්තා වුණේ.

දශක ගණනක් පුරා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික, සංස්කෘතික සහ ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීමට ඉටු කළ සේවය අගයමින් ඔහුට මෙම ගෞරව නාමය පිරිනමා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ගෝලීය රාජ්‍ය තාන්ත්‍රික පැවැත්මෙහි වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් 2025 වසරේ දී මෙම සම්මානය ලැබූ එකම ආසියානු ජාතිකයා වන්නේ ද වෛද්‍ය සමන් වීරසිංහයි.

උත්සවය ඇමතූ ජනාධිපති පුටින්, අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගීතාවය වර්ධනය කිරීමේ දී වෛද්‍ය සමන් වීරසිංහගේ කාර්යභාරය අගය කරනු ලැබුවා.

එමෙන්ම රුසියාව සමඟ සංස්කෘතික හා මානුෂීය සබඳතා ශක්තිමත් කිරීම සඳහා විශාල දායකත්වයක් වෛද්‍ය සමන් වීරසිංහ විසින් ලබාදෙන බවයි ව්ලැඩ්මීර් පුටින් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ.

මොස්කව් වෛද්‍ය විද්‍යාලයේ ගෞරව උපාධිධාරියෙකු වන වෛද්‍ය වීරසිංහ රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති ලෙස (2015 – 2018) සේවය කළ අතර දැනට ශ්‍රී ලංකා-රුසියානු මිත්‍රත්ව සංගමයේ මහ ලේකම් සහ කොළඹ රුසියානු භූගෝලීය සංගමයේ සභාපති යන තනතුරු හොබවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53