රුසියාවේ ඉහළම සිවිල් සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලාංකිකයා

රුසියාව සිවිල් පුරවැසියෙකුට පිරිනමන ඉහළම ගෞරව නාමයක් වන “මිත්‍රත්වය සදහා වූ රුසියානු රාජ්‍ය සම්මානය” වෛද්‍ය සමන් රංජිත් වීරසිංහට පිරිනමා තිබෙනවා.

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් ඊයේ (040 දිනයේ වෛද්‍ය වීරසිංහ වෙත මෙම සම්මානය පිරිනමා ඇති බවයි වාර්තා වුණේ.

දශක ගණනක් පුරා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික, සංස්කෘතික සහ ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීමට ඉටු කළ සේවය අගයමින් ඔහුට මෙම ගෞරව නාමය පිරිනමා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ගෝලීය රාජ්‍ය තාන්ත්‍රික පැවැත්මෙහි වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් 2025 වසරේ දී මෙම සම්මානය ලැබූ එකම ආසියානු ජාතිකයා වන්නේ ද වෛද්‍ය සමන් වීරසිංහයි.

උත්සවය ඇමතූ ජනාධිපති පුටින්, අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගීතාවය වර්ධනය කිරීමේ දී වෛද්‍ය සමන් වීරසිංහගේ කාර්යභාරය අගය කරනු ලැබුවා.

එමෙන්ම රුසියාව සමඟ සංස්කෘතික හා මානුෂීය සබඳතා ශක්තිමත් කිරීම සඳහා විශාල දායකත්වයක් වෛද්‍ය සමන් වීරසිංහ විසින් ලබාදෙන බවයි ව්ලැඩ්මීර් පුටින් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ.

මොස්කව් වෛද්‍ය විද්‍යාලයේ ගෞරව උපාධිධාරියෙකු වන වෛද්‍ය වීරසිංහ රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති ලෙස (2015 – 2018) සේවය කළ අතර දැනට ශ්‍රී ලංකා-රුසියානු මිත්‍රත්ව සංගමයේ මහ ලේකම් සහ කොළඹ රුසියානු භූගෝලීය සංගමයේ සභාපති යන තනතුරු හොබවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?