2025 නැගී එන තරු අතර ආසියානු කුසලානයට ශ්‍රී ලංකා සංචිතය නම්කෙරේ

2025 නැගී එන තරු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කර තිබෙනවා.

ආසියානු ක්‍රිකට් කවුන්සිලය මේ බව නිවේදනය කර ඇති අතර, මෙම සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේටයි.

නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙක් ඇතුළත් වන අතර, යොවුන් ක්‍රීඩක විශේන් හැලඹගේ, අහන් වික්‍රමසිංහ, විජයකාන්ත් වියස්කාන්ත්, ට්‍රැවීන් මැතිව්, ගරුක සංකේත් වැනි ක්‍රීඩකයින් මෙම සංචිතයට ඇතුළත්.

ඊට අමතරව ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර අත්දැකීම් ඇති ප්‍රමෝද් මධුෂාන්, මිලාන් රත්නායක,නුවනිදු ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, නිශාන් මධුෂ්ක, ලසිත් කෲස්පුල්ලේ, සහන් ආරච්චි වැනි ක්‍රීඩකයින් ද මෙම සංචිතයට ඇතුළත්කර තිබෙනවා.

කටාර්හි සත්කාරකත්වයෙන් එළඹෙන 14 වනදා සිට 23 වනදා දක්වා 2025 නැගී එන තරු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මෙවර තරගාවලිය වෙනුවෙන් කණ්ඩයම් අටක් සහභාගී වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
5
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01