ඊච්චන්කුලම පොලිස් වසමේ කල්මඩු ප්‍රදේශයේ නිවසක කාන්තාවක් හිසෙහි තුවාල සහිතව මියගොස් ඇති බවට ඊච්චන්කුලම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 25ක පුම්පුකාර්, කල්මඩු ප්‍රදේශයේ පදිංචිව සිටි විවාහක කාන්තාවක්.
පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා විසින් ඊයේ (04) පෙරවරුවේ මෙම කාන්තාව ඝාතනයකර ඇති බවයි සිදුකරන ලද විමර්ශනවල දී අනවරණය වී ඇත්තේ.
ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව ස්වාමිපුරුෂයා ඔහුගේ අවුරුදු දෙකක් වයසැති දියණිය ද සමඟ නිවසින් පිටව එරාවූර් පොලිස් ස්ථානයට ගොස් භාර වී තිබෙනවා.
සැකකාර ස්වාමිපුරුෂයා 33 හැවිරිදි වියේ පසුවන අයෙක්.
ඊච්චන්කුලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.




