රාජකීය-තෝමස් 32 වන හේමන් කුසලානයේ ප්ලැටිනම් අනුග්‍රහය පැලවත්ත කිරි සමාගමෙන්

ලාංකේය කිරි නිෂ්පාදන සන්නාමයන් අතර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම, 100%ක් දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත කිරි කර්මාන්ත සමාගම, 32 වන හේමන් කුසලානයේ ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස සුප්රසිද්ධ Royal–Thomian Water Polo Encounter සමඟ අත්වැල් බැඳගෙන තිබෙනවා.

මෙම සුවිශේෂී අවස්ථාව තුළින් මෙරට තරුණ තරුණියන්ට සහාය වීම, ක්‍රීඩාශීලීත්වය ප්‍රවර්ධනය කිරීම සහ බිම් මට්ටමේ සිට අනාගත පරම්පරාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නඟා සිටුවීම සඳහා පැල්වත්ත දේශීය කිරි සන්නාමයේ කැපවීම ඉස්මතු කරනු ලබනවා.

සුප්‍රසිද්ධ රග්බි සහ ක්‍රිකට් තරඟවලට පමණක් දෙවැනි වන හේමන් කුසලානය, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා දින දර්ශනයේ වඩාත්ම කීර්තිමත් ඉසව්වක් වනවා.

රටේ කීර්තිමත් පාසල් දෙකක් වන කොළඹ, රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය ඒකාබද්ධව පවත්වනු ලබන එම තරගාවලිය සඳහා වසරින් වසර දෙමාපියන්, පුහුණුකරුවන් සහ ක්‍රීඩාලෝලීන් ආකර්ෂණයකර ගනිමින් සිසුන් සඳහා වන විශාලතම වෝටර් පෝලෝ ඉසව්ව බවට මෙම තරඟාවලිය පත්ව තිබෙනවා.

මෙම සුවිශේෂී තරඟාවලිය පිළිබඳව අදහස් දක්වමින් පැල්වත්ත කිරි කර්මාන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක අක්මාල් වික්රමනායක පවසා සිටියේ, තරඟකාරිත්වයේ ජවයට අමතරව විනය, කණ්ඩායම් හැඟීම සහ නොපසුබට උත්සාහය සමරන මෙම වැදගත් අවස්ථාවට සහභාගී වීමට ලැබීම එම සමාගමට ගෞරවයක් බවයි.

” සාඩම්බරණීය දේශීය සන්නාමයක් ලෙස, පැල්වත්ත කිරි සමාගම සෞඛ්‍ය සම්පන්න පරම්පරාවක් නිර්මාණය කිරීමට කැපවී සිටින අතර ගොවිපළෙන් මේසය දක්වා අපගේ සන්නාමය ගොඩනගා ඇති ආකාරයටම, අපගේ දරුවන්ගේ සෞඛ්‍යය සඳහා ද අපි කැපවී ඉන්නවා” යැයි ඔහු වැඩිදුරටත් සඳහන්කර තිබෙනවා.

”වෝටර් පෝලෝ වැනි ජල ක්රීඩා සඳහා ශක්තිය සහ දරා ගැනීමේ හැකියාව යන සාධකයන් ද ඉතා වැදගත්. මෙම ගුණාංග වර්ධනය කරගැනීමට සෞඛ්ය සම්පන්න ආහාර වේලක් ද අත්යවශ්ය වෙනවා. ශ්රී ලංකාවේ තරුණ ක්රීඩක ක්රීඩිකාවන්ට ඔවුන්ගේ උපරිම ශක්තිය කරා ළඟා වීමට සහාය වීමට සහ ඔවුන්ව දිරිමත් කිරීමට, කෘතිම රසකාරක සහ වර්ණක නොමැති පැල්වත්ත කිරි නිෂ්පාදන පොරොන්දු වෙනවා.” යනුවෙන් පැල්වත්ත සමාගමේ විකුණුම් සහ අලෙවිකරණ සාමාන්‍යධිකාරී කුමේරිනි කන්දප්පා ද මෙම අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කරනු ලැබුවා.

මෙම තරඟ ඉතිහාසයේ 32 වන වසරට පා තබන හේමන් කුසලානය, ජාතික හා ජාත්යන්තර වශයෙන් තම සලකුණ තැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතක නොවන අත්දැකීම් සිය ජීවිතයට එක්කර දී තිබෙනවා සේම කැපී පෙනෙන ජයග්රහණයන්ද ලබා දී තිබෙනවා.

මළල ක්‍රීඩාවේ දියුණුව හා විශිෂ්ටත්වය සඳහා කැපවීමට අමතරව, පැල්වත්ත දේශීය කිරි සන්නාමය මෙවැනි කීර්තිමත් තරඟාවලියක් සඳහා අනුග්රාහකත්වය දැක්වීම තුළින් දේශීය කුසලතා සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන්ට සහාය වන ප්‍රගතිශීලී, ක්‍රියාශීලී සහ කල් පවතින සන්නාමයක් ලෙස සිය ස්ථානය තහවුරු කරගෙන තිබෙනවා.

පාසල් මට්ටමේ ජල ක්රීඩා පිළිබඳ මෙම ඉතිහාසගත සැමරුමට එක්වන ලෙසත්, තරඟාවලිය ආරම්භ වන විට අනාගත පරම්පරාවේ ශූරයින්ට සහාය වන ලෙසත් පැල්වත්ත සමාගම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, පවුල්වලට, රසිකයින්ට සහ ක්‍රීඩා ලෝලීන්ට එම සමාගම ආරාධනා කරනවා.

පැල්වත්ත කිරි සමාගම සහ එහි ස්වභාවික කිරි නිෂ්පාදන පරාසය පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා www.pelwattedairy.com වෙත පිවිසෙන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක තමයි මේ ආණ්ඩුවේ මළගමේ ලියවිල්ල
02:49
Video thumbnail
රටේ තාරුණ්‍යන් නිකන් ඉන්නේ නෑ - සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
10:07
Video thumbnail
එක එක්කෙනා පඳුරු අස්සේ ඉඳන් කියනවා වගේ අපිට කරන්න බෑ
08:46
Video thumbnail
මානසික ආබාධ සහිත පුද්ගලයා තම මාමාව බිහිසුණු ලෙස එළොව යවලා - මහ රෑ ගම්පොළ සලිත කළ ඛේදවාචකය
01:42
Video thumbnail
ආණ්ඩුව මේ යන්නේ මර්දනකාරි වැඩපිළිවෙලක - මේ රටටම හානියක් කරන්නේ
02:02
Video thumbnail
පැලැස්තර එපා..ජීවිතාන්තය දක්වා වුණත් දීර්ඝ කරන්න - දයාසිරිගෙන් ආණ්ඩුවට රතු එළි
02:56
Video thumbnail
ජනාධිපතිගේ ගමටම ගිහින් රාජාංගනේ හාමුදුරුවෝ ඉල්ලීමක් කරයි
02:40
Video thumbnail
සාකච්ඡාවට කළින් සභාවේ මතය කියන්න බෑනේ මට - අජිත් සැරවෙයි ?
01:21
Video thumbnail
ආණ්ඩුවට ඕන ඕන විදිහට දෙන්න බෑ - නීතිඥවරු අනතුරු අඟවයි
03:34
Video thumbnail
ජනපති අනුරගේ ගමේ රෝහලේ අඩුපාඩු ගොඩයි..
02:13