විපක්ෂ නායක සජිත් සහ ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ නියෝජිතයින් අතර හමුවක්

ඉන්දියාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (03) නවදිල්ලියේ දී, ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් හමු වී සාකච්ඡා පැවැත්වුවා.

එහිදී වෙළෙඳාම, ආයෝජන සහ තාක්ෂණය යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා පුළුල් කථිකාවතක් ගොඩනැංවීමට හැකියාව ලැබුණා.

වෙළෙඳාම සහ ආයෝජන ප්‍රවාහයන් ඉහළ නැංවීම සඳහා ඉන්දියා-ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කොමිසම යටතේ වෙළෙඳ පහසුකම් සැපයීමේ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී යෝජනා කළා.

ඉන්දියානු කර්මාන්ත සඳහා කැප වූ ඉන්දියා-ශ්‍රී ලංකා ඒකාබද්ධ කාර්මික හා තාක්ෂණ වෙළෙඳ කලාපයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කිරීමට ද ඔහු මෙහිදී යෝජනා කර සිටියා.

එමෙන්ම පුනර්ජනනීය බලශක්තිය, කෘෂි සැකසුම්, සැපයුම්, සංචාරක සහ අර්ධ සන්නායක වැනි ප්‍රමුඛතා අංශ හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකා-CII ව්‍යාපාරික සංසදයක් පිහිටුවීමට ද විපක්ෂ නායකවරයා මෙහිදී ඉදිරිපත් කළ යෝජනාවක්.

තවද ශ්‍රී ලංකාවේ ව්‍යාපාර මෙහෙයුම් පුළුල් කිරීමට ඉන්දියානු ව්‍යාපා⁣රිකයන්ට ආරාධනා කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පවසා සිටියේ විදේශ සෘජු ආයෝජනවලට බාධා කරන ඕනෑම බාධාවන් ඉවත් කිරීමට සහ බහු-පාර්ශ්වික ව්‍යවස්ථාදායක සහාය හරහා පූර්ණ පහසුකම් සැපයීමට කටයුතු කරන බවයි.

අනුපූරක නිෂ්පාදන සහ සැකසුම් මධ්‍යස්ථානයක් වීමට ශ්‍රී ලංකාවේ ඇති කැමැත්ත ගෙන හැර දක්වමින් ඉන්දියාවේ අර්ධ සන්නායක මෙහෙයුම් යටතේ සහයෝගීතාවයක් ද ඔහු යෝජනා කළා.

සියලු දෙනා ඇතුළත් කර ගත් සහ තාක්ෂණය මෙහෙයවන වර්ධනයේ වැදගත්කම අවධාරණය කරමින්, සංවර්ධනය ජනතාව කේන්ද්‍ර කරගත් සහ ජනතාව මෙහෙයවන මට්ටමක පැවතිය යුතු බවත්, ප්‍රගතියේ ප්‍රතිලාභ සමාජයේ සියලු කොටස් වෙත ළඟා වන බව සහතික කළ යුතු බවත් ඔහු පැවසුවා.

එමෙන්ම නිෂ්පාදනය සහ තාක්ෂණය සම්බන්ධයෙන් ඉන්දියාවේ නැගීම ශ්‍රී ලංකාවට අභියෝගයක් නොවන නිසා ඉදිරියේ දී සහයෝගයෙන් කටයුතු කිරීමට ආරාධනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18