පොලිසියට තග දමා වැඩ වරද්දා ගත් කාන්තාව යළිත් රිමාන්ඩ්

වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරුණු සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගැනුණු කාන්තාව යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

සැකකාර කාන්තාව අද (03) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකාරියව ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි තැනැත්තියක්.

පසුගිය 31 වනදා ගම්පහ පොලිස් වසමේ කොටුගොඩ – උඩුගම්පොළ මාර්ගයේ මෝටර් රථයක් පදවාගෙන පැමිණි කාන්තාවක් රථවාහන වරදක් සම්බන්ධයෙන් නැවැත්වීමට සංඥා කිරීමේදී, මෝටර් රථය නොනවත්වා ධාවනය කර ඇති අතර, පසුව රථ වාහන නිලධාරීන් විසින් එම රථය පසුපස හඹා ගොස් උඩුගම්පොල ප්‍රදේශයේ දී නවත්වා පරීක්ෂා කරන අවස්ථාවේ දී මෙලෙස රාජකාරියට බාධා කරමින් ඇය හැසිරී තිබෙනවා.

එහිදී ඇය පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ නම සඳහන් කරමින් සහ එම කාන්තාව අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නැගණිය බව පවසමින් පොලිස් රාජකාරියට බාධා කරමින් හැසිරන වීඩියෝවක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

කෙසේ වෙතත් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නැගණිය ලෙස සිදුකරන ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයක් බවයි පොලිසිය පසුව සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56