මෙහෙණින් වහන්සේ නමකට බැන තර්ජනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට (වීඩියෝ)

මෙහෙණින් වහන්සේ නමකට බැන තර්ජනය කරන සිදුවීමකට අදාළව පුද්ගලයන් දෙදෙනෙකු වත්තල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින වීඩියෝවක් පිළිබඳව විමර්ශන ඇරඹු පොලිසිය සඳහන් කළේ මෙම සිදුවීම වත්තල පොලිස් වසමේ කෙරවලපිටිය ප්‍රදේශයේ රත්නාවලී ආරාමය අසල ඊයේ (02) සිදුව ඇති බවයි.

සිද්ධියට සම්බන්ධයෙන් ඊයේ (02) රාත්‍රියේම අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අවුරුදු 58 හා 67 වයස්වල පසුවන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් දෙදෙනා අද (03) දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

  1. තමන් අදහන ආගම කුමක් උනත් අන් ආගම් අදහන අයගැන මීට වඩා ගරු කිරීමක් කල යුතුයි එයාලගෙ පල්ලියෙ ම©ගල්ලෙ දවසෙදි කවුරු හරි මේ වගේ කලොත් ඔය ඈයො ගන්න තීරනය ගැනත් හොයල බලන්න වෙනව