STF නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ කතුන් පහක් ඇතුළු 10ක් අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 10 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

ළිනොච්චිය, රාමනාදපුරම් ප්‍රදේශයේ දී ඊයේ (02) මෙම පුද්ගලයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගැනුණු අය අතර කාන්තාවන් 05 දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 05 දෙනෙක් ඇතුළත්.

ඊයේ (02) උදෑසන කාලයේ රාමනාදපුරම් පොලිස් වසමේ සුඩලකුලම් ප්‍රදේශයේ දී කිළිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් නීති විරෝධි මත්පැන් වැටලීමක් සිදු කර සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේ යකඩ පොලු හා ලී පොලු රැගෙන පැමිණි පිරිසක් විසින් නිලධාරීන්ට පහරදී සැකකරු මුදවා ගෙන එම ස්ථානයෙන් පලාගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් දෙදෙනෙක් කිළිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර රාමනාදපුරම් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් නිලධාරීන්ට පහරදීම සම්බන්ධයෙන් 10 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරුවන් අවුරුදු 16 ත් 32 ත් අතර සහ සැකකාරියන් අවුරුදු 26 ත් 45ත් අතර වයස්වල පසුවන රාමනාදපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් හා සැකකාරියන් අද (03) දින කිළිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

  1. ශ්‍රී ලංකා පොලිසිය හෝ යුද හමුදාවේ රාජකාරියට බාධා කිරීම දමිල ජනතාව මෙහෙයවීම ඉරාන පලස්තීන ඉස්ලාමීය isis අන්තවාදී ත්‍රස්තවාදයි. ප්‍රභාකරන් හරහා ද කලේ මෙවැනි සරල ක්‍රමය හරහා මහා පරිමාණ සිංහල හා දමිල ජන සංහාර කොට මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදීන්ට උතුරු-නැගෙනහිර ප්‍රධාන කොට රටේ බලය තහවුරු කිරීමය.