ඉන්දියාවෙන් දැවැන්තයෙක් උඩු ගුවනට

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) රටේ බරින් වැඩිම සන්නිවේදන චන්ද්‍රිකාව වන CMS-03 අද දියත් කිරීමට නියමිතයි.

CMS-03 යනු බහු කලාප මිලිටරි සන්නිවේදන චන්ද්‍රිකාවක්.

මෙම දියත් කිරීම ආන්ද්‍රා ප්‍රදේශ් හි ශ්‍රීහාරිකෝටා හි සතිෂ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අද (02) සිදු කිරීමට නියමිතයි.

එහි බර කිලෝග්‍රෑම් 4,400 ක්.

ඉන්දියානු නාවික හමුදාව සඳහා පමණක් නිර්මාණය කරන ලද මෙම චන්ද්‍රිකාව, 2013 දී දියත් කරන ලද GSAT-7 රුක්මිණි චන්ද්‍රිකාව වෙනුවට ආදේශ කරනු ඇති.

චන්ද්‍රිකාව නාවික හමුදාව සඳහා සම්බන්ධතාවය සැලකිය යුතු ලෙස වැඩි දියුණු කරනු ඇතැයි ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය පවසනවා.